maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

බෝධි චිත්ත ප්‍රාතිහාර්යය සඳහා පසුබිම සකස් වීම

2025-04-26

Maithri Buddha

2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ ශ්‍රි දළදා මාලිගාවේ වැඩ සිටින දන්ත ධාතූන් වහන්සේ මහජනතාවට දැක බලා වැඳ පුදා ගැනීම සඳහා ප්‍රදර්ශනය කරනවා. ජාතියේ සමගිය ඇති කරලා පැය 24  පුරාම පල්ලි පවා විවෘතව තබනවා. මිනිස්සුන්ට නිදාගන්න, වැසිකිළි පහසුකම් වලට, නෑමට හැමෝම පහසුකම් සපයනවා. මුස්ලිම් අය පවා දන්ත ධාතුව වඳින්න එන අයට කෑම දෙනවා. කතෝලික අය උදව් කරනවා. පොලිසියේ අය බණ කියනවා පෝලිමේ ඉන්න අයට. 

 

ධාතු ප්‍රදර්ශනය කරන්න භය ඇයි? නායකයෝ ඒ අය කරන වැරදිත් එක්ක, ඒකට අත තියන්න භයයි.

 

මහාගුරු මෙසේ විමසනවා; ඉතිහාසයේ තියෙනවා නේද දන්ත ධාතුව සම්බන්ධයෙන් මෙහෙම කතාවක්. රජ කාළයේ දන්ත ධාතුව කිණිහිරයේ තියලා තලන්න යනවා. කිණිහිරය අහසට පැන නගිනවා. ඔහොම කතාවක් තියනවා. 

 

එතනදී දන්ත ධාතුව විනාශ කරන්න යද්දී එදා අධ්‍යාත්මික ශක්තියකින් ඒක ආරක්ෂා කරනවා. මෙච්චර කාළයක් ආරක්ෂා කරපු එක අයින් කරලා දාන්න පුලුවන් වෙන්නෙත් ඒ ශක්තියටම තමයි. මිනිස්සු ඒකට වැඩිය උඩ තැනකට ගරු කරන්න පටන් ගන්නවා. ඒකෙන් ඒ පැවති ගෞරවය ක්‍රමයෙන් අයින් වෙලා යනවා. 

 

ඒ නුදුරු දිනකදී මහාගුරුට යම් දර්ශනයක් පහල වෙනවා. එහිදී දර්ශනය වන්නේ පොළොවෙන් හොයාගත් සෙංකෝලයක්  ලැබෙන දර්ශනයක්. සෙංකෝලය මහාගුරු තමයි බාරගන්නේ. සෙංකෝලය දීලා තමයි සියල්ල සූදානම් කියලා පෙරහර පවත්වන්න අවසර දෙන්නේ. ඇත්තම සෙංකෝලේ ඇතුලේ ලියල තියෙන්නේ චතුරාර්ය සත්‍යය. බෙර ගහන්න කස වයන්න පටන් අරගෙන තියෙන්නේ. මේ බෙර හඬ කස හඬ ඇහෙනකල් විශාල පිරිසක් බලාගෙන ඉන්නවා. 

 

මෑත කාලේ මා ගැන ගොඩක් දේවල් මා කියනවා කියලා සමහර විට ඔබට තේරිලා ඇති. ඔබ තේරුම් ගන්න ඕනා කාරණයක් තමයි මා පිළිබඳව මා ඔබට කියලා දෙන්නේ නැතුව, වෙන කවුරුවත් කෙනෙක් මා ගැන කියන්න නැහැ. වෙන අය මා ගැන කියන්න දන්නේ නැහැ. මා එහෙම කියද්දී අතිශයෝක්තියක් විදිහට එක දැනෙන්න පුළුවන්. නමුත් මා ගැන හඳුන්වා දෙන්න වෙන්නේ මටම තමයි. මා මේක වෙනම හිතට අරගෙන කියන්නේ ඔබට පණිවිඩය සම්ප්‍රේෂණය කරන්න අවශ්‍ය නිසා. ඇත්තටම මා ගැන නෙමෙයි කියන්නේ, ධර්මතාවය ගැනයි මා කියන්නේ.

 

ගෞතම බුදුහාමුදුරුවෝ ගාවට මිනිස්සු ඇවිත් බණ අහල නිවන් දැක්කේ නැහැ. එක්කෝ බුදුහාමුදුරුවෝ ගිහින් ඔවුන්ව නිවන් දැක්වූවා. නැතිනම් බුදුන් ගිහින් ඔවුන්ව අඬගහගෙන ආවා. එහෙමත් නැත්නම් බුදුන් ගිහින් ඔවුන්ට ඕන විදියට බණ කිව්වා. එහෙමත් නැත්නම් බුදුන් වහන්සේ වටා ඉන්න පිරිස ගිහින් මිනිස්සුන්ව අරන් ආවා. ඔහොම උනා මිසක් මිනිස්සු ආවේ නැහැ නිවන් දකින්න. එහෙම වෙන ධර්මතාවයක් ලෝකේ නැහැ. ඒ නිසා ඔබ මිනිසුන් වෙත මේක අරගෙන යන්න. 

 

බොහෝ මිනිසුන් තමන්ගේ කුහක සිත් වලින් තමා මෙම දේශනාව අහන්නේ. 

 

බුද්ධිය සොයාගෙන ආපු කල්‍යාණ මිත්‍රවරුනි, 

ශ්‍රද්ධාව සොයාගෙන ආපු කල්‍යාණ මිත්‍රවරුනි, 

ඥානය, බුද්ධ, අරහත් ඵල, මග ඵල කුසලය, පින, දේවත්වය මේවා අරමුණු කරගෙන පහළ වුණු සියලුම කල්‍යාණ මිත්‍රවරුනි,

 

මේ ලෝකය කියන්නේ මනුෂ්‍ය ලෝකය, සත්ව ලෝකය. ඒ සත්ව ලෝකේ හිත රාගයෙන් කලබලයි. ද්වේශයෙන් කලබලයි. මෝහයෙන් කලබලයි. සිතුවිලි වේගයෙන් භ්‍රමණය වෙනවා. විඥානය මැෂිමක් වගේ වැඩ කරනවා.

 

විඥානයෙන් කර්මය කියන නූල් ගැටගැසිලා ලස්සන ඇඳුමක් හැදෙනවා. ඒ ඇඳුමේ තියෙන්නේ කර්මය නමැති නූල් විඥානයෙන් ගැට ගැසුණා. රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් සකස් වුණු විලාසිතාවක් ඒකට එකතු වෙලා ඇඳුම හැදිලා තියෙනවා. ඒ ඇඳුම මේ සියලු සත්වයෝ විවිධ ස්වරූපයන් ගෙන් ඇඳගෙන, බොහෝම අමාරුවෙන්, වෙහෙසෙන් දුකට පත්වී, පීඩාවට පත්වී, නොසංසුන්භාවයට පත්වී, මානසික ආතතියට පීඩනයට බයට පත්වී සියලු සත්වයෝ වෙසෙනවා. මේ වෙසෙන්නා වූ සියලු සත්වයන්ගේ මේ පීඩනයට මේ දුකට සාපේක්ෂව ගොඩනැගෙන්නා වූ අසරණකම කොච්චරද කිව්වොත් කුසට ආහාරක් නැතුව, මේ කෂ්ට කාෂ්ටක අව්වේ කරවෙමින්, කිලෝමීටර් ගණන් හිටගෙන දවස් ගණන් වැස්සට තෙමෙමින් දූවිලි කමින් ටවුන් එකක් මැද දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් හිටගෙන ඉන්නවා. මේ සත්වයාගේ නිවන වෙනුවෙන්, මේ සත්වයාගේ පාරිශුද්ධත්වය වෙනුවෙන්, සත්වයාගේ අවශ්‍යතාවය නොවෙයිද ඔවුන් පාරට බැහැලා පෙන්නුවේ? සත්වයාගේ අවශ්‍යතාවය මේ සත්වයාගේ අසරණකමයි එතන ප්‍රදර්ශනය වුණේ. මේක දැක්කේ නෑ කවුරුත්. ඇයි ඒ? හැමෝම මේ ඇඳුම ඇඳගෙන ඉන්නේ. ඒ නිසා මේ සත්වයාගේ අසරණකම කිසිවෙක් දැක්කේ නෑ. හැබැයි මහාගුරු මේ සත්වයාගේ අසරණකම දකිනවා. ඒ සත්වයාගේ නෙමෙයි සමස්ථ සත්වයාගේම අසරණකම මා දකිනවා. ඒ අසරණකම මෛත්‍රී බුදුන් දකිනවා. කිසිදු සත්වයෙක් ගහන ගලක්, ඔවුන් කරන චෝදනාවක් විවේචනයක් මොහුට දැනෙන්නෙවත් පෙනෙන්නවත් නැ. එයා කියන්නේ එහෙම එකක් මට නෑ කියලා. ඒ මෛත්‍රී බලයෙන්, මෛත්‍රී ගුණයෙන් මේ ලෝකේ තෙත් වෙලා තියෙන්නේ.

 

අද කෙනෙක් ඇවිල්ලා මාව මැරුවත් අනේ ඔයාගේ සතුට ඒක නම් මගෙත් සතුට ඒක තමයි. එතන එහෙම නරකක් දකින්නේ නෑ. නරකක් කියලා කිව්වේ, අනේ මෙහෙම එකක් වුණා, මට ගැහුවා, මට රිදෙව්වා, මට බැන්නා කියලා පෙනෙන්නේ නැහැ. අනේ ඒ කරන දේ හරිකියලා හරි විදිහට දකිනවා. එහෙම නම් වෙන්නේ, මා ඒක පිළිගන්නවා. මා ඒක ආශිර්වාදයක් කරගන්නවා. මා ඒක ත්‍යාගයක් කරගන්නවා. මම ඒක කල්‍යාණ මිත්‍රත්වයක් කරගන්නවා. මා ඒක මගේ ගමනේ මා ලැබූ දෙයක් විදිහට ලකුණු කර ගන්නවා. ඒ තැන දීලා තියෙනවා. 

 

එතකොට මේ සත්වයා පත් වෙලා ඉන්න අන්ත අසරණකම දන්ත ධාතන් වහන්සේ ඉදිරියේ ප්‍රදර්ශනය වුණා. ඒ දන්ත ධාතුවට මේ සුවහසක් ජනක් ගඟ ආරාධනා කරනවා;

 

“අනේ මාගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ තවදුරටත් දන්ත ධාතුවක් විදියට, ඒ කියන්නේ මුඛයේ ධාතුවක් විදියට වැඩ වාසය කරන්න එපා. ඔබවහන්සේ මේ ලෝ තලයේ පහළ වෙලා, මේ නිර්මල, ඒ කියන්නේ කෙලෙස් නොමැති, කුණු නැති නිර්මල දර්ශනය, දහම මේ ලෝකයාට දේශනා කරන්න” 

කියලා මේ සත්වයා වැඳ වැටි ඉල්ලා සිටිනවා. 

 

එහෙනම් මම ඔබෙන් අහනවා; මේ පාරිශුද්ධ ධර්මය, මේ මෛත්‍රී දර්ශනය ලෝකයාට දේශනා කළ යුතුයි නේද? දේශනා කල යුතුමයි. මේ දර්ශනය තුළ තියෙන අවිහිංසාව පෙන්වන්න ඕනා. මේ අවියෙන් කොහෙවත් කැපෙන්නේ නෑ. මේ මෛත්‍රිය කියන අවිය වනනවා, ඒත් කොහෙවත් කැපෙන්නේ නෑ. ඒ නිසා ඒ නිර්මල දහම මේ සත්වයාට දේශනා නොකළ යුතුද? නෑ දේශනා කළ යුතුයි. ඒකන් මිනිස්සු ඔප්පු කරා; සත්‍යය බලය, සත්‍යය කතා කරපු ඒ මුඛයේ තිබුණු එක දතකට. හැබැයි ඒක ඇත්තමද දන්නෙත් නෑ. නැතිද දන්නෙත් නෑ. එහෙම වුනත් කමක් නෑ. බොරු  වුනත් කමක් නැහැ. බුදුන් වහන්සේගේ දන්ත ධාතුව කොහෙද තියෙන්නේ? ඔය කියන නිර්මල සම්මා සම්බුදුරජාණන් වහන්සේ දන්ත ධාතුව කොහෙද තියෙන්නේ දැන්? ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව ඇතුලේ නෙවෙයි; මිනිස්සුන්ගේ හිත ඇතුළේ. මිනිස්සුන්ගේ හිත තුළයි තියෙන්නේ.

 

ඇත්තද බොරුද දන්නෙත් නැහැ. ගියාට පස්සේ බොරු එකක් පෙන්නනවද දන්නෙත් නෑ. එහෙම වුණත් මිනිස්සු ඒකට ලෑස්තියි. ඒ මිනිස්සුන්ගේ හිත් වල ඒ සත්‍යය දේශනා කරපු ශ්‍රී මුඛයේ දන්තයක් කියන දේට දෙන ගෞරවය, ඒත් බුදුන් නේද කියලා හිතෙන හැඟීම  නැති වෙලා ගිහිල්ලා නැ. එහෙම නැති වෙලා ගියපු මිනිස්සු ආපහු හැරිලා ගියා. ඔතන පෝලිමේ හිටියට වඩා මිනිස්සු ගොඩක් හැරිලා ගියා. වැරදිලා හරි ඔතන පෝලිම තිබුණේ නැතිනම්, මේ රටේ මුස්ලිම්, කතෝලික මිනිස්සු පවා යනවා දන්ත ධාතුව බලන්න. පෝලිම නැතුව ගිහිල්ලා බලන්න තිබුනනම් හැම මනුස්සෙන්ම යනවා බලන්න. ඒ ගෞරවය මිනිස්සුන් හිත්වල තියෙනවා.  මේ කතාව බොරුද කියලා හදවතට තට්ටු කරලා බලන්න. ඒ නිසා ඇත්ත දන්ත ධාතුන් වහන්සේ මිනිස්සුන්ගේ හිත් තුළ, ඔවුන්ගේ ලෝකය තුළ පහළ වෙලා තියෙන්නේ. එතන ඒ ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව අන්ධ වෙලා තියෙන්නේ ඒ සත්වයාගේ අසරණකම නිසා.

 

හැබැයි අසරණකම අඩුවෙන්න අඩු වෙන්න, ශ්‍රද්ධාව බුද්ධිමත් වෙනවා. සල්ලි හිඳෙන්න හිඳෙන්න දෙවියන් ඉදිරියේ යදින ඒක වැඩි වෙනවා. සල්ලි වැඩි වෙනකොට, නිරෝගීකම වැඩි වෙනකොට සල්ලි සහ දෙයියෝ බල්ලට යනවා. තේරුණාද? 

 

සල්ලි අඩු වෙනකොට තමයි දෙයියෝ ගාවට යන්නේ, අසරණකම එක එක දේවල් විශ්වාස කරන්නේ. සල්ලියි නිරෝගී කමයි තිබුනහම මොකෙක්වත් වටින්නේ නෑ. සල්ලියි නිරෝගී කමයි තියෙන මිනිස්සු, අසරණකම අඩු මිනිස්සු නිවැරදි සද්ධාව හොයනවා. අසරණකම වැඩි වෙන්න වැඩි වෙන්න අන්න අර තැන්වල යාතිකාවන් යදින අය බවට පත්වෙනවා. ඒ නිසා මිනිස්සුන්ගේ අසරණකමයි ඒ ප්‍රදර්ශනය වුනේ බුදුන් ඉදිරියේ. 


 

ඒ නිසා මේ ලෝකයේ සිටින පාරිශුද්ධම, කිසිවෙකුට නොදැවෙනි වූ මහා කරුණාගුණයකින් යුක්ත වුණු, ඒ ශ්‍රී සද්ධර්මය නිර්මලව දේශනා කරපු, ඒ බුදුන් ගේ ලොම් ගහේ ඉඳන්, කකුලට පෑගි බිමට වැටෙන වැලිය ඇටය පවා ශ්‍රේෂ්ඨයි.  ඒ එහෙම ශ්‍රේෂ්ඨ වෙන්නේ, හරියටම ශ්‍රේෂ්ඨ වෙන්නේ, ඒ වගේම බුදු කෙනෙකුට තමයි. ඒ වගේම බුදු කෙනෙකුට ඒ බුදු වරයා හමුවුනාම කකුලට පෑගිලා වැටෙන වැලිකැටයේ පටන් ශ්‍රේෂ්ඨයි කියලා සමස්ත ශ්‍රේෂ්ඨත්වය පේනවා. ඊළඟට ඒ ශ්‍රේෂ්ඨත්වය පේනවා මහා බෝසතාට. ඊළඟට ශ්‍රේෂ්ඨත්වය පේන වෙනවා මහරහතන් වහන්සේලාට. ඊට පස්සේ ශ්‍රේෂ්ඨත්වය පේනවා පසේ බුදුවරුන්.ට ඊට පස්සේ අනිකුත් රහතන් වහන්සේලාට පෙනෙනවා.

 

ඊළඟට සිහිය තිබෙන ඇත්තන්ට පෙනෙනවා. සම්මා දිට්ඨිය ඇත්තාට පේනවා. නික්ලේශී ස්වභාවය ඇත්තාට පේනවා. සමාධිය ඇත්තාට පේනවා. සිතුවිලි අඩු තැනත්තාට පෙනෙනවා. හරිද? නිවුණු තැනැත්තාට පේනවා. අත්හරින්නාට පේනවා. පිනට කුසලට දන් දෙන්නාට පෙනෙනවා. මේ ලෝකයේ යම්කිසි කෙනෙක්ට නිවෙන්න ඕනෑ කියලා හිතෙනවද, ඒ හැමෝටම අල්ප මාත්‍රයෙන් හරි බුදු කෙනාගේ ශ්‍රේෂ්ඨත්වය කොහෙන් හරි පේනවා. හැබැයි අර මා කිව්ව විදියට ඔවුන් දකින ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රමාණය වෙනස්. 

 

ඒ නිසා මම සියලු ලෝක සත්ව කල්‍යාණ මිත්‍රයන්ට කියනවා; බුදුවරයා, සම්මා සම්බුදුවරයා, මෛත්‍රී සම්මා සම්බුදුවරයා ජීවමානයි. අර දන්ත ධාතුව ඔබේ සිත් වල ජීවමාන වුනේ යම්සේද, ඒ සියල්ලත් ඔබේ සිත් වල ජීවමානයි. ඒ ජීවමානත්වය ඒ සැබෑ සම්මා සම්බුදුවරයා, ඒ බුදුවරයා, ඒ මෛත්‍රී බුදුවරයා, මහරහතන් වහන්සේ ඔබ තුළ අවධි කරගන්න. ඔබ හොයන්නේ මෙන්න මෙහෙම උත්තමයෙක්. ඔබ හොයන්නේ මෙන්න මෙහෙම රහතන් වහන්සේ කෙනෙක්. ඔබ හොයන්නේ මෙහෙම පසේ බුදුවරයෙක්. ඔබ සොයන්නේ මෙහෙම සම්මා සම්බුදුවරයෙක්.  ඔබ සොයන්නේ මෛත්‍රී බුදුවරයෙක් කියන ඒ ඔබ ඇතුලේ තියෙන ඒ විඥාන ශක්තිය අවධි කරගන්න. ඒ අවදි කරගත්තට පස්සේ, ඒ අවධි කරගත්ත ඇත්තන්ට, අර දන්ත ධාතූන් වහන්සේ ජීවමානව පෙනුනාසේ, ඒ දක්වා යන්න තරම් ආයු වර්ණ සැපබල ප්‍රඥා ලැබුණා සේ, ඔබ තුළ ඒක අවධි කරගත්තොත්, ඔබට ඇත්තටම ඕනෑම ගසකින්, කොළයකින්, මහල්ලෙකුගෙන්, වැඩිහිටියෙක්ගෙන් සිඟන්නෙක්ගෙන් පවා ඔබට ඒ දර්ශනය මුණ ගැසේවි. ඒ දහම හම්බ වේවි. දහම, ඒ කියන්නේ ඔබේ ගුරුවරයා කොහෙන් හරි පහළ වේවි. ඔබට මේ හිසකෙස් කපන බාබර්ගෙන් වෙන්න පුළුවන්, ගුරුවරයා පහළ වේවි. ඒක තමයි මහ ගුරු කියලා කියන්නේ. ගුරුවරයා කොහෙන් හරි පහළ වෙනවා. හරිද? ඒ ගැන වැඩිය හිතන්න එපා. ඔබ ඇතුලේ අර දන්ත ධාතූන් වහන්සේ නිර්මාණය කරගත්තා වගේ, සම්මා සම්බුදුවරයා, මහරහතන් වහන්සේ තමන්ගේ ඇතුලේ ජීවමාන කරගන්න. ඒ ශ්‍රද්ධා භක්තිය හරියට පිරිසිදුව හදාගත්ත ඇත්තන්ට ගුරුවරයා ඕනම තැනකින් මුණගැහෙනවා. බල්ලෙක් ජරා කරලා ගිය අසූචි පිඩකින් පවා, ගුරුවරයා මතු වෙනවා. මේ ලෝකේ යථාර්ථය මතු වෙනවා. ඒක තමයි මහාගුරු කියලා කියන්නේ. මහාගුරු කියලා කියන්නේ සත්ව පුද්ගල ආත්මයකට නෙවෙයි.

 

එතන තියෙන්නේ දර්ශනයක්. හරිද? ඒ දර්ශනය හරි සංකීර්ණයි. ඒකෙදී රහතන් වහන්සේ නමකගේ දර්ශනයත් කතා කරනවා. පසේ බුදුවරයාගේ දර්ශනයත් කතා කරනවා. මහරහතන් වහන්සේ කෙනෙකුගේ, අසු මහා ශ්‍රාවකයන් නමකගේ, සම්මා සම්බුදුවරයාගේ, මෛත්‍රී බුදුවරයාගේ, ශිවගේ, නටරාජ්ගේ නාරායන්ගේ දක්වා සියලු දර්ශනයන් කතා කරනවා. ඒ හැමතැනකම ගුරු පෙන්නනවා. ඒක තමයි මහාගුරු කියන්නේ. මහාගුරු කියන්නේ සත්ව පුද්ගල ආත්මයකට නෙමෙයි. ඒක දර්ශනයක්. මහාගුරු… ඔය හැමෝටම ගුරුවරෙක් ඉන්නවා මේ ලෝකේ. ඒක තමයි මහ ගුරු කියන්නේ. දැන් මාව හම්බවුනහම, ඔබව හම්බවුනාම අපි අහනවානේ කොහෙද ඉස්කෝලේ ගියේ කියලා. ඒ අහන්නේ ගුරුවරයා පරීක්ෂා කරන්නනේ.

 

දහම් මාර්ගයේ යන කෙනෙක් හම්බුනාම මම අහනවා ඔබේ ගුරුවරයා කවුද කියලා. ගුරුවරයා ගැන අහලා දැනගත්තට පස්සේ වැඩිය හිතන්න ඕනේ නැහැනේ. ගුරුවරයා ගැන කිව්වම ගුරුවරයා හරහා මේ කෙනාව දැනගන්නවා. ඒ කියන්නේ ගුරුවරයා ගැන කිව්ව ගමන්ම ඔයා මොන වගේ තැනකද ඉන්නේ කියලා හිතාගන්න පුළුවන්.

 

ඒ නිසා මහගුරු කියන දර්ශනය ඉතා සංකීර්ණ දර්ශනයක්. ඒක මේ ලෝකයේ කිසිදු ආගමකට ප්‍රතික්ෂේප කරන්න බැ. කතෝලික දහමෙත් ගුරු මතු වෙනවා. හින්දු දහමෙත් ගුරු මතු වෙනවා. මුස්ලිම් දහමෙත් ගුරු ඉන්නවා. හැමතැනම ගුරු ඉන්නවා. එතකොට, ඒ සමස්ත විෂය කතා කරන එක, ඒ ටික ඔක්කොම තමයි මේ මහගුරු කියලා කියන්නේ. ඔය ඔක්කොම ටික තියෙනවා. මේ දැන් රහත් වෙන්න ඕන නම් ඒ ක්‍රමය තියෙනවා හරි ලස්සනට. ඒ නිසා මහගුරු දර්ශනය කියන එක තේරුම් ගන්න. ඒ නිසා ඔබට කටින් ගිලිහිලා යන කෙළපිඩිනුත් නිවන් දකින්න පුළුවන්. ඔබ තුළ හරියට ශ්‍රද්ධාව පහල වුනොත්… අර කිව්ව බුදුන් මහරහත් ඔබ තුළ පහළ වුනොත්.. ඒ මත, කටින් එළියට වැටෙන කෙළ පිඩිනුත් ඔබට යමක් වැටහිලා, ඔබේ ගැලවීම ඒ මොහොතේ ඉෂ්ට සිද්ධ වෙන්න පුළුවන්.

 

ඒ නිසා සියලු කල්‍යාණ මිත්‍රවරුන්ට කියනවා; එළිය බැලුවා ඇති. දැන් ඔබ දෙස බලන්න. ඔබ තුළ සියල්ල ජීවමානයි. ආරම්භයද අවසානයද ඔබ තුළ තමයි තියෙන්නේ. අවසානයද ආරම්භයද දෙකම ඔබ තුළ තමයි තියෙන්නේ. ඒ නිසා තමා දෙසට හැරෙන්න කියලා සියලුම කල්‍යාණ මිත්‍රවරුන්ට මතක් කරනවා. එතන ඔබට සැබෑ දන්ත ධාතුව නෙවෙයි, සැබෑ සම්මා සම්බුදුවරයාව ඔබට දැක්ගන්නට පුළුවන්. ඇයි දතක් විතරක් බලන්නේ… සමස්තයම දකින්න. එතන ඒ සියල්ල ජීවමානයි කියලා මතක් කරනවා. තෙරුවන් සරණයි. ජයවේවා!

 

මහගුරු තවත් දර්ශනයක් දකිනවා. ඒ තමයි, මහ පොළොවේ, පෘතුවි සම්ප්‍රදායේ අය විසින් සොයමින් සිටි යමක් මහගුරුට හමුවෙනවා. 

 

මේ බව මහාගුරු විසින් මහා සත්ව බෝධිසත්ව සහ තවත් මිතුරන් කිහිපදෙනෙකුට මහා සත්ව බෝධිසත්වයන්ගේ වාසභවන තුළ සතුටු සාමිචියේ යෙදී සිටි අවස්ථාවක පවසනවා. 

 

මේ වෙලාවේ දී මහා සත්ව බෝධිසත්වයන් විසින් මහාගුරු ගෙන් අවසර ඉල්ලීමක් සිදු කරනවා. 

 

“අවසරයි. මේ විශ්වයේ සෑම තැනකම ඉන්න, සෑම තලයකම ඉන්න, සෑම සත්වයෙක් තුළම මහාගුරු ජීවමාන වෙන්න ඕනා. ඔවුන් ගන්න සෑම හුස්මකම මහාගුරු ජීවමාන වෙන්න ඕනා. ඒ සඳහා ඔබේ බලය ශක්තිය යොදවන්න. ඔවුන් තුළයි මහාගුරු ජීවමාන විය යුත්තේ. ඒ නිසා ඊට අවශ්‍ය කරන පරිසරය නැත්නම් පෙරහැර ඔවුන් වෙතට අරගෙන යාම සඳහා ඔබෙන් දෙපා නැමැද අවසර ඉල්ලා සිටිනවා.”

 

මහාගුරු විසින් එම ආරාධනාව මෙසේ පවසමින් පිළිගනු ලබනවා. 

 

“මා බුදු දහමට අලුත් අර්ථකථනයක් දෙනවා. ඒ තමයි මහාගුරුගේ දර්ශනය තුළ, මේ ලෝකයට අරන් යන සමස්ත දර්ශනය තුළ, නිර්මල බුදු දහමක් තියෙන්නේ. ඔබලාගේ පෙරහර සමඟ ඒ නිර්මල බුදු දහම, නිර්මල ශ්‍රී සද්ධර්මය, නිර්මල මහාගුරුගේ දර්ශනය මේ ලෝකයට වඩිනවා. ඒක පෙරහැරෙන් එන්නේ. නිකම්ම වඩින්නේ නැහැ. පෙරහරක් එක්ක වඩින්නේ. ඒ නිසා ඔබේ ආරාධනාවට මම අවසර දෙනවා. පෙරහර පවත්වන්න. මගේ සමස්ත ගුරුවරුන්ට මා නමස්කාර කරනවා.”

 

තවත් නුදුරු දිනකදී මහාගුරු යම් වැකියක් කියනවා Personal Assistant ට එය අත්සනද සහිතව සුදුසු තැන්වල යොදන්න කියලා.

 

ඒ තමයි “ඔබ කලදේ ඔබට තියෙයි, අප කලදේ අපට තියෙයි”  

 

ඊට පසුව මහාගුරු තම හිතවතුන් අමතා මෙසේ පවසනවා. 

 

“කල්‍යාණ මිත්‍රවරුනි, මම කියනවා ආරම්භයද අවසානයද එකම තැනක කියලා. මම මේ ලෝක සත්වයා ඉදිරියේ සුවිශේෂි ධර්මයක් දේශනා කරනවා. හැම දේශනාවක්ම හැම දහමක්ම කරන්නේ මෙතැන ඉන්න අය අරබයාම නොවෙයි, සියළුම ලෝක සත්වයෝම අරබයා දේශනා කරන්නේ. මේ ධර්මය මේ මුළු විශ්වයම වේලා ගන්නවා. ඒකට කිසිම සැකයක් ඇති කර ගන්න එපා. ඒ නිසා ඒක දැන ගෙන වැඩ කරන්න. ඒක මුලින්ම දැකපු පිරිස බවට ඔබලා පත් වෙනවා එච්චරයි වෙනස. අනිත් කට්ටියත් පසුව ඒක දකිනවා, එක් එක් ආකාරයෙන්.

 

කල්‍යාණ මිත්‍රවරුනි, ඊයේ ආරම්භය වගේම අද අවසානයකුත් සිද්ධ වෙනවා. එහෙම තමයි මේ ගමන නිර්මාණය වෙන්නේ. නැත්තම් ගමනක් වෙන්නේ නෑ. 

 

කවදාවත් නැතිව මා අද ඔබට කියනවා මා අද දවසම සංවේගයකින් හිටියේ කියලා. අද මගේ චිතකය දැල් වුණා කියලා, පිච්චුනා කියලා, පිච්චෙන්නේ නැති ඇටසැකිල්ලක්, යකඩ කයක් වගේ එකක් මම දකිනවා නැගිටලා යනවා. මේක අර්ථ, ධර්ම ලෙස ලෝක සත්වයාට විහරණය කරන එක මගේ යුතුකම. 

 

පින්වත්නි, කල්ප කෝටි සතසහස් සෙයියාවක් වු මේ සංසාර සාගරයේ ආපු ගමනේදී මා දරාගෙන සිටි චිත්ත කය අද පිරිනිවිලා යනවා. චිත්ත කය පරිනිර්වාණය වෙනවා. චිතකය හෙවත් චිත්ත කය යනු හිත කියන එකත් සමඟ බැඳිලා ආපු කය. නාම රූප සමඟ ආපු එක. ඒකට තමයි නාමරූප කය කියලා කියන්නේ. චිත්ත කය අයින් වුනහම තව මොකක් හරි දෙයක් ඒ හිඩැසට එන්න ඕනේ. මට දැනෙන්නේ කර්මය සමඟ බැඳිලා තිබෙන ධර්ම කය තමා එන්න තියෙන්නේ. ඒක හරියට සියලු තත්වලින් ධර්මය වයනවා වගේ දෙයක්. මට සජීවීව දහම පේනවා.  හිතෙන විදිය process වෙන විදිය ඔක්කොම පේනවා. තව පැතිත් process වෙනවා මට. එහෙම නැතිනම් ප්‍රබලම අවස්ථාව තමා සිද්ධිය ඇඟෙන්ම ජීවමානව මතුවෙනවා. චිතකය දැල්වෙන අවස්ථාවෙත් උනේ සිද්ධියේ ජීවමානව ඇඟෙන්ම මතු වෙච්ච එක. එතකොට හරිම අමාරුයි. ඇඟට දරාගන්න බැරි තරම්. ඇඟෙන් පිටවෙද්දී ඇඟ ගිනි ගන්නවා වගේ. 

 

කය වල් කිහිපයක් තියෙනවා කිව්වට ඔබට දැනෙන්නේ නෑ. සිතුවිලි එක්ක බැදුණු කය. අහස උසට ගහනවා දර සෑයක්. කොට තියලා ඒක උඩ කය තියලා. ඒක උඩ කොට තියලා අහස උසට ගහනවා සෑයක්. ඒ චිත්‍රය මැවුනා. එච්චර සැර ගින්නක් ගහනවා. 

 

මගේ චිතකය තමා ගිනි ගත්තේ. චිතකය කියන්නේ චිත්ත කය. මගේ ඇටසැකිල්ල යකඩ වගේ ඒක ගිනි ගත්තේ නැහැ. ඒ කියන්නේ අනිත් කය ගිනි ගත්තේ නැහැ. චිත්ත කය ගිනි ගත්තා.

 

මේ වෙද්දි චිත්ත  කය ගිනි අරගෙන ඉවරයි. ඒක ඉවර වුණහම මා මාන පිළිබඳව දේශනාවක් සිදු කළා.

 

මේ ධර්ම දේශනා දැන් ගොඩක් අය අහනවා. සාකච්ඡා කරනවා. හොඳ කියනවා. වැරදි කියනවා. විවේචන යනවා. මහාගුරු විදිහට මට දැන් ඔය සියල්ලම පේනවා. මිනිස්සු කියන කරන දේවල්, දේශනා ආශ්‍රිතව මිනිස්සුන්ගේ හිතන පරාසය වැඩි වෙන විදිය මේ සියල්ලම මට පේනවා; වෙන්නේ මොනවද කියනදේ.

 

ඒ අතර නිවන් හොයන්න කියලා, සත්‍ය හොයන්න කියලා රැකියාවල් අතහැරලා ගෙවල් දොරවල් අත්හැරලා පැවිදි වෙලා දැන් ඔහේ තැන තැන කකා බිබී ඇවිදිමින් ඉන්න පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ගත කරන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති කාළකණ්ණි ජිවිතයක්. එතකොට මේ වගේ අර්ථවත් වැඩක් කරනවා කියන එක ඒ අයට රිදෙනවා. මේ වෙලාවේ ඔබලාව විහිළුවකට ගන්න එක, මාන වලින් වට්ටන එක තමයි ඒ අයගේ සැලැස්ම. 

 

උදාහරණයක් විදිහට හිතන්න ඔබවහන්සේ ඒ හාමුදුරුවෝ කෙනෙකුට කියනවා මම මේ දවස්වල මිනිස්සුන්ගේ මනස හදන, අධ්‍යාත්මය හදන වැඩ ටිකක් කරගෙන යනවා කියලා. එතකොට උන්වහන්සේ කියනවා, මමත් කරන්නේ ඔබ වහන්සේ කරන වැඩේම තමයි කියලා. බලන්න එතකොට ඔබ වහන්සේ පෙන්නපු මානයේම තමයි උන්වහන්සේ ඉන්නේ කියලා පෙන්නන්න තමයි හදන්නේ. සම level එක පෙන්නනවා. සම level එකේ ඉඳලා කතා කරනවා. එහෙම නැත්නම් මම නම් ඔයිට වඩා දේවල් කරනවා කියලා උඩ මානයක ඉඳලා කතා කරනවා. එහෙම නැත්නම් තමන් ගැන වෙනම එකක් හිතාගෙන ඔබ කියන දේ ගැන care කරන්නේ නැතිව ඉන්නවා. ඒකත් එක මානයක් තමයි. 

 

හීන මානය කියන්නේ, මට මාන්නය නෑ කියන එක තුළ මාන්නක්කාර වෙන්න දඟලනවා. හීන මානයේදී හීන විදිහට මේක දකින්න උත්සාහ කරනවා, මට නම් මාන්නය නෑ. මම නම් හැම වෙලාවෙම පාපිස්සක් වගේ. ඒ විදියට තමන් නිහතමානී කියලා දකින එකත් මාන්නක්කරයි. 

 

තව මානයක් තියෙනවා මට කිසිම දෙයක් නෑ කියන කොච්චර තිබුනත් මට කිසිම දෙයක් නෑ කියන මාන්නයක් තියෙනවා, මේක සෘණාත්මක, යටට යන මානයක්,  මට කිසිම දෙයක් නෑ කියන එක පහළම තලේ තියන මානයක්.

 

තවත් එකක් තමයි, දැන් අපි කියනවා කෙනෙක්ව සඳහන් කරලා (අපි ගනිමු A කියලා), A මෙහෙම චරිතයක් කියලා. සමහර අයට මාන ස්වභාවයක් තියෙනවා ඒ වගේ දේවල් ඇතුළට ගන්නේ නෑ. මොකද ඒක ගත්තොත් A උඩ මානයකට යනවා. එතකොට ඉබේම තමන්ව යට මානයක ඉන්න කෙනෙක් කියලා තහවුරු වෙනවා. ඒ නිසා ඒක ගන්නේ නෑ. 

 

විෂ්ණුට මාන ගණනාවක් පේනවා. ඒ නිසා එයා ගන්න විදිහ හරි වෙනස්. නුවණට ගන්නවා මිසක් ඇඟට ගන්නේ නෑ. ඒ විෂ්ණුගේ ස්වභාවය. සමහර තැන් වලදි සමහරු  නුවණට ගන්න ඕනා එක ඇඟට ගන්නවා. එතකොට විමර්ශනය මදි. 

 

තවත් විදියක් තමයි මේකේ තියෙන අඩුපාඩු මොනවාද, වැරදි මොනවාද, මග ඇරෙන්න පුලුවන් තැන් මොනවාද කියලා එළියට අරගෙන බලන එක. ඒකත් එක මානයක්. 

 

අර සියලුම මානවලට වඩා භයානකයි, තියෙන දෙයකින් සෑහීමකට පත් වීම කියන මානය. මොකද ඒක තියෙන අය දියුණු වෙන්නේ නෑ. ඒක භයානක මානයක්. ඒ වගේ කෙනෙක්ට යම් දුර්වලතාවයක් පෙන්වලා දුන්නොත්, ඕක කියන්න ඇත්තේ මේකට කියලා එයාම හේතුවක් හදාගෙන ඒ point එක බැහැර කරලා දානවා. Volleyball ගහද්දී දවසින් දවස මම මොකක් හරි මගේ  point එකක් improve කර ගන්න try කරනවා. මගේ වැරැද්දක් මගේ දකිනවා. මම මේක හදා ගන්න ඕනා කියලා ඔළුවට දාගන්නවා. ඒ හරහා මගේ ඊළඟ step හදා ගන්න try කරනවා. සෑහීමට පත්වෙන මානය තියෙන කොට එහෙම වෙන්නේ නෑ.

 

එතකොට තව මානයක් තියෙනවා, මේ ලොකයේ මොන කෙනෙක් හම්බවුනත්, එයාට වගේම මටත් පුලුවන් කියලා හිතනවා. අර කලිං කිව්ව සම තත්වය වගේ නෙවෙයි;  ඔයාට වඩා මට පුළුවන්; ඔයාට වගේම මටත් පුළුවන් කියලා කියනවා. පුළුවන් කියලා සමහරවිට කරුණු වලින් ඔප්පුත් කරනවා. හැබැයි කවදාවත් කරන්නේ නෑ; කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නෑ. ඕනම එකක් කිව්වොත් කරන්න පුළුවන් කියල ඔප්පු කරනවා. හැබැයි තව කෙනෙකුට කරන්න දෙන්නෙත් නෑ. එයා කරන්නෙත් නෑ. එහෙම කෙනෙක් ඉන්නවා කියන්නේ ජීවීතේ කෙළ වෙනවා හැරෙන්න ජීවීතේ ගොඩ යෑමක් නෑ, 



 

ඔය විදියට මිනිස්සු හිතන, කල්පනා කරන, බලන, වැඩ කරන්න සූදානම් වෙන මාන කිහිපයක් තියෙනවා. ඔබ මොනවා හරි කාරණයක් ගැන හිතනවා නම් හිතන්නේ මොකක් හරි මානයකින්. ඒ වගේම මෙවැනි විවිධ මානයන් වල ඉන්න අය හඳුනා ගන්න අපට පුළුවන් වෙන්න ඕනා. මිනිස්සු හිතන්නේ ඒ අය ගාව තියෙන මායිම් වලින්. එහෙම නැතිව හිතන්න බෑ. එතකොට එයා හිතන මායිම තමයි ඒ පෙන්නන්නේ. හොඳයි කියන එක වෙන්න පුළුවන්, නරකයි කියන එක වෙන්න පුළුවන්, විවේචනය වෙන්න පුළුවන්, ඒ එයා හිතන මායිම තමයි පෙන්නන්නේ. 

 

අපිට මේ මාන කඩන්නත් පුලුවන්. මාන හදන්නත් පුලුවන්. පාර ලොකු කර ගන්නත් පුලුවන්. පාර පොඩි කර ගන්නත් පුලුවන්. වංගු දාගන්නත් පුලුවන්. 18 වංගු දාන්නත් පුළුවන්. මායිම් ගලවන්නත් පුළුවන්. මානයක් හට ගන්න technic එක මහගුරු දන්නවා. ඒකට කියන්නේ ‘උද්ද අද්දීපන චංචලත්වය’. Energy උඩට නගිද්දී (උද්ද) ගසක් උඩට ඇදෙනවා වගේ ඒ මතු වෙලා එන energy එක, යටටත් ඇදෙනවා (අද්දීපන). අපි පොළොව මත ඉන්නකොට පොළොව මට්ටමේ ඉඳලා අපි උඩට ඇදෙනවා වගේම, උස යනවා වගේම, පොලොව යටටත් ඇදෙනවා. අපි උස ගියාට, යටට ගියේ නෑ නේ. උඩට ඇදෙනවා වගේ, අපි යටටත් ඇදෙනවා. අපි අහුවෙලා ඉන්නේ පෘථිවි ගුරුත්වයට නෙවෙයි කියලා තේරෙන්නේ නැද්ද? මේක අතිශය සංකීර්ණ කතාවක්. 

 

හෘද ස්පන්දනය එක්ක අපේ තියෙනවා, චංචලත්වයක්. vibration එකක්, කම්පනයක් තියෙනවා. මේ උද්දීපන, මේ vibration එකෙන් කැඩෙනවා. එහෙම කැඩුනාම දඟරයක් වගේ රටාවක් හට ගන්නවා. ඒ රටාව අනුව තමයි මානය හට ගන්නේ. ඒක හට ගන්නේ energy system එකක් තුළින්. ඒ ඒ අයගේ රටාව මහගුරුට read කරන්න පුළුවන්.

 

ඔබලාට, මගේ ළඟින් සිටින මේ කල්‍යාණ මිත්‍රයන්ට බුද්ධිය කියන තැනට, බුද්ධ කියන තැනට, සිහිය කියන තැනට, මැදුම් පිළිවෙත තියෙන තැනට මම පාර පෙන්නලා තියෙනවා. ඔබ ඒ තැනට ගියා, ඒ තැන දැක්කා. මම එක තැනකදී කියනවා, මනස හරියට පේනවා නම්, ඒ රහතන් වහන්සේ නමක් කියලා. Energy එකෙන් හට ගන්නා තරංගය අභිබවලා system එකක් විදිහට මේක දකිනවා නේ. බුද්ධ කියන තැන පෙන්නලා තියෙනවා. මැදුම් පිළිවෙත කියන තැන පෙන්නලා තියෙනවා. සිහියේ පූර්ණත්වය තියෙන තැන පෙන්නලා තියෙනවා. එහෙම පෙන්නුවාම ඔබ තුළ වැඩ කරන්නේ මොන මානයද කියන එක අදාළ නෑ. මොන rhythm එකද කියන එකත් අදාළ නෑ. මොන system එකද කියන එකත් අදාළ නෑ. ඔබට තියෙන්නේ මේ මාන දකින්න. මාන දකින අභ්‍යාසය කරන්න. 

 

ශිව ගියේ කියලා නෙවෙයි. චිත්ත කය ගිනි ගත්තේත් කියලා නෙවෙයි. කොහොමත් මම කියලා තියෙනවා මම යන්නෙත් කියලත් නෙවෙයි කියලා. මේ කය ගිනි ගන්නවා. මහාගුරු මේ සියල්ල දකිනවා. මහාගුරුට හොරෙන් මේ ලෝකේ කිසිදෙයක් සිද්ධවෙන්නේ නෑ. මහාගුරු හරියට සූර්යයා වගේ. සියල්ලම පේනවා මහාගුරුට. මහාගුරුට මුදුනේ ඉඳලා දකිනවා මේ හැමදේම. කව්ද මේ ශිව, කව්ද මේ චිතකය දල්වන්න නියම කලේ කියලා, ඒ තමයි මහා ශිව. 

 

ඒ මා තමයි මහා ශිවත්. මේ විශ්ව තලයේම ඉන්න පුළුවන් වෙන්නේ සූර්යයාට විතරයි. මේ සූර්යයා නැතුව බෑ වගේ, මේ දහම් විෂය පථය තුළ ඉන්න පුළුවන් මහාගුරුට විතරයි. ඔය හැම චරිතයක්ම ඇවිත් යනවා; සම්මා බුදු ඉඳලා යනවා. මහාගුරුට විතරයි ඉන්න පුළුවන්. සියල්ල මහා ශිව විසින් කරවනවා. Creator part එක මහාශිව විසින් සිදු කරනවා. මහා පුරුෂෝත්තම වගේ, මහා ශිව ආයේ එන්නේ නැති වෙයිද දන්නෙත් නෑ. ඉන්න හේතුවක් නෑ. චරිතය ඇවිත් පෙන්නලා යනවා. මහාගුරු විතරයි ඉතිරි වන්නේ. 

 

දැන් මට තියෙන්නේ කර්ම කය විතරයි. මහාගුරු මේ කර්ම කය බවට පත් වෙනවා. මහාගුරු මේ කර්ම කය තුළ ඉන්නවා. මේ වනවිට මහාගුරු මේ ලංකාදීපය තුළ අදහම් කොදුනාරටිය බිඳලා ඉවරයි. කිසිවෙකුට ආයේ අධර්මය දේශනා කරන්න බැරි තැනට පත් කරලා ඉවරයි. 

 

චිතකය දැල්වීම ශරීරයෙන්ම ජීවමානව මතුවෙනවා දැනුණා. දෙයක් දැනෙන ප්‍රබලම ආකාරය ඒක තමයි. චිතකය දැල්වෙන අවස්ථාවෙත් උනේ සිද්ධිය ජීවමානව ඇඟෙන්ම මතු වෙච්ච එක. එතකොට හරිම අමාරුයි. ඇඟට දරාගන්න බැරි තරම්. සජීවීව දහම පෙනෙනවා.  හිතෙන විදිය proces වෙන විදිය සියල්ලම පෙනෙනවා. තව පැති ගණනාවක් process වෙනවා. එක්කෝ පෙනෙනවා. දැනෙනවා. හිතෙනවා. කල්පනා වෙනවා. නැතිනම් හීනෙකින් හරි පෙනෙනවා.

 

ඒ ශක්තීන්ගේ අතිරික්තය මොනවා හරි දෙයකින් පිරෙන්න වෙනවා. චිත්ත කය පරිනිර්වාණයෙන් පසු ඇති වුණු හිඩසට ආපු ශක්තිය තමයි මහා ශිවගේ ශක්තිය. ගෞතම බුදුන්ගේ චිතකය දැල්වුනේ කර්මකයයි, චිත්ත කයයි දෙකම එකටයි. නමුත් මගේ ඊට කලින් චිත්ත කය දැල්වුනා. 

 

ඒනිසා අද දවස මගේ චිතකය ගිනි දැල් වුණා.  ආපු සංසාර ගත ඒ චිත්තය විනාශ වීමත්, මහා ශිව පැමිණිලා නැවත මහාගුරුට ආසනය භාර දීලා යනවා. මහා පුරුෂෝත්තමත් එහෙම ඇවිල්ලා ගියා. ශිව නටරාජ් දෙපැත්තෙන්ම ඉන්නවා. 

 

මා එක තැනකදී දේශනාවක් කරනවා, අවුරුදු ගාණකට කලින් මා හොයන කල්‍යාණ මිත්‍රයන් ටිකක් ඉන්නවා, ඒ කල්‍යාණ මිත්‍රයන් ටික මට හම්බවුනාම මා මේ Game එක ගහනවා කියලා එදා මම කියනවා. මේ මොකක්ද කරන්නේ කියලා මිනිස්සුන්ට තේරේන්නේ නැතිවෙයි. පෙරහැර පටන් ගන්නවා කියලා කිව්වානේ. ඊයේ ආරාධනා කලා. මම දුන්න මේක කරගෙන යන්න. කස කාරයෝ හේවිසි කාරයෝ, නැට්ටුක්කාරයෝ පෙරහැර යන්න පටන් ගත්තා. කසය ගැහුවා කාටවත් රිදෙන්නේ නැති වෙන්න. පෙරහැර එන බවට සංකේතය. ඒ පෙරහැර මේ මාළිගයේ මේ මහාගුරු කියන සියල්ල දත් දන්ත ධාතුව ලෙස, මේ සියළු පෙරහැර ඇදීගෙන එන්න ඕනා. අපි මේ පෙරහැර පවත්වනවා.  

මා ඔබගෙන් අහනවා "ඔබ සරණ යන ධර්මය මොකක්ද?” කියලා. එහෙම ඇහුවහම මම දන්නවා බොහෝ දෙනෙක් කියනවා ආර්ය අෂ්ඨාංගික මාර්ගය සරණ යනවා කියලා. අපි දන්නවනේ ඉස්සෙල්ලම කියන්නේ දිට්ඨියෙන් මිදෙන්න කියලා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන එක ඔලුවට දාගත්ත ගමන් මෙතනම දෘෂ්ටිය පහළ වෙලා නේද? එතකොට ඔබ කොහොමද නිවැරදි දිට්ඨියට පත්වෙන්නේ? දිට්ඨියෙන් මිදෙන්න කිව්ව ගමන්ම ඒකත් එක්කම දිට්ඨියක් හදාගෙන නේ. තවත් කෙනෙක් කියයි චතුරාර්ය සත්‍ය ධර්මය සරණ යනවා කියලා. මම අහනවා ඔබේ දුක දන්නවද? ඔබේ දුකට හේතුව දැක්කද? දුක නැති කරන්න පුළුවන් කියලා දැක්කද? නැති කරන ක්‍රමවේදය දැක්කද? නැති කරන ක්‍රමවේදය ඒකද? තවත් අය කියයි අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා. ඔබ මේ ලෝකයේ අනිත්‍ය දැක්ක නම් ඔබට මොහොතක්වත් ඉන්න බැහැ. ඔබ දුක හරියට දැක්ක නම් මේ චිත්තක්ෂණයක් හටගෙන නිරුද්ධ වෙලා යන පවතින දුක කියන සියුම් මොහොත. අනාත්ම, ආත්මය සත්ව පුද්ගල භාවයෙන් තොර භාවයෙන් දැක්ක නම්, ඔබ රහත්. අද ඒවා දැනුම් පද්ධතියක් විතරයි. අද සමස්ත බෞද්ධයෝ දැනුම් පද්ධතියක් කරපින්නාගෙන ඒ දැනුම් පද්ධතියෙන් නිවන් දකින්න උත්සාහ කරනවා. එහෙම ක්‍රමයක් මේ ලෝකයේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලස්සනට පාර කිව්වනේ. ඔබට බුද්ධියක් තියෙනවා. ඔබ බුද්ධියෙන් මේ ධර්මය දකින්න. ධර්මය දකින්න. ධර්මය දකින්නා මා දකී. “එව, බලව” දකින්න කියලා කිව්වේ. එහෙනම් බුද්ධියෙන් දැකගන්නට ඕනේ මේ ධර්මය. ඔබට ධර්මයක් වෙන්නේ ඔබ බුද්ධියෙන් දකින කාරණය විතරයි. බුද්ධියෙන් දකින්නේ නැති කාරණයක් ධර්මයක් වෙන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලම බුද්ධිය මතු කර ගන්න. ඒකයි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ. ඒ බුද්ධියෙන් ධර්මය දකින්න. ඒකයි ධම්මං සරණං ගච්ඡාමී කිව්වේ. මේ ධර්මය දකින තැනයි ඔබට ධර්මය හම්බ වෙන්නේ. ඒ දහම දැකගත්තොත් ඔබට මේකෙන් මිදෙන්න ඕනේ තැන, ගැලවෙන්න ඕන තැන, ඒ දෙක පෙනෙයි. අද සියලු බෞද්ධයෝ, සියල්ලෝ ධර්මය රැස් කරනවා. කොහෙද? සංස්කාර ලෝකයේ ධර්මය රැස් කරනවා. සංස්කාර ලෝකයේ දහම් දැනුම රැස් කරනවා. සංස්කාර ලෝකයේ මතක ලෝකයේ. එහෙම කිසිවෙකුටත් මේකෙන් එතෙර විය නොහැකියි. 

ඒ නිසා ඔබ කොහේ හරි ඇවිදලා ගුරුවරයෙක්ගෙන් ධර්මය අහන්න එපා. ඉස්සෙල්ලම බුදුන් දකින්න උත්සාහ කරන්න. බුදුන් පහළ කරගන්න. බුදුන් පහළ වුනොත් බුදුන්ට ධර්මය පෙනෙනවා. සිද්ධාර්ථ කුමාරයා ඉස්සෙල්ලා බුදු වෙලා තමයි ධර්මය දැක්කේ. අනිත් මහරහතන් වහන්සේලාත් එහෙම තමයි. රහත් කියන බුද්ධත්වය, මොකක් හරි බුදුබවක්, බුද්ධිමත් භාවයක්, ඥාන සම්ප්‍රයුක්ත භාවයක් උපදවගෙන ඒකෙන් තමයි ධර්මය දැක්කේ. එහෙනම් කල්‍යාණ මිත්‍රවරුනි, මේ ලෝකේ කොහෙන් හරි කමක් නෑ, ඔබට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ධර්මය දකින්න පුළුවන් වන, ධර්මය දකින්න පුළුවන් වන ඒ බුද්ධිමය ශක්තිය හදාගන්න. ඒකට මග පෙන්වන්න පුළුවන් ගුරුවරයෙක් හොයාගන්න. එහෙම ගුරුවරයෙක් හොයාගෙන ඔබේ බුද්ධිය හදාගත්තා නම්, බුද්ධිමය ශක්තිය හදාගත්තා නම්, ඒ හදාගත්ත බුද්ධිමය ශක්තියට ධර්මය පෙනෙනවා. පින්වත්නි මාද ඔබේ හොඳම කල්‍යාණ මිත්‍රයා විදිහට සාධුකාර දෙනවා අත් දෙක එකට කරලා. ඒකාන්තයි. ඒක තමයි වෙන්න ඕනේ. මොකද ඒකම තමයි මම කියන්නේ. හැබැයි කල්‍යාණ මිත්‍රවරුනි, ඔබට මේ ලෝකයේ ඇවිදලා ඔබේ බුද්ධිය පහළ කරගන්න බැරි වුණා නම්, බුද්ධිය පහළ කරන්න බැරි වුනා නම් වහාම එතනින් හැරෙන්න. 

මා ඔබට කියනවා, මා ළඟට එන හැමෝගෙම ඒ බුද්ධිය කියන ඥාන ශක්තිය මට හදන්න පුළුවන් කියලා. ඒ බුද්ධිය හදලා ඒ හදපු ඥාන ශක්තියට ධර්මය දකින්න පුළුවන් බවට අත්දැකීම ලබාදෙන්න පුළුවන්. ඒ නිසා මම මේ මොහොත දක්වා, මේ අවුරුදු 44ක් තිස්සේ වැඩ කරලා මිසක් කයිවාරු ගහලා නැහැ. මම පද පෙරළලා නෑ. මම වචන පෙරළලා නැහැ. හැබැයි මිනිස්සුන්ගේ හිත් පෙරළලා තියෙනවා. හිත් පෙරලනවා ඥානය බුද්ධිය දක්වා. ඒකට මහන්සි වෙලා තිබෙනවා. සාක්ෂි ඔබට පෙනෙන්න තිබෙනවා. ඒ නිසා මම මේ ලෝකයේ ආදරණීය සියලු කල්‍යාණ මිත්‍රයන්ට ආරාධනා කරනවා. එන්න ඇවිල්ලා මහ ගුරු මුණ ගැහිලා ඔය බුද්ධිය උපද්දවාගෙන ඒ බුද්ධිය තුළින් ධර්මය දකින්න. මම කියන දේ අහන්න එපා. මම කියන දේ පිළිගන්න එපා. ඔය කාටවත් මම කියලා නැහැ මම කියන දේ අහන්න, පිළිගන්න. මම ඔය කටියට බුද්ධි උපද්දවා ගන්න ක්‍රමය කියලා දෙනවා. එහෙම කියලා දුන්නට පස්සේ ඒකෙන් තේරෙනවා මේ කියන දේ ඇත්ත බව. මම කියන දේ නෙමෙයි. ඔබටම ඇත්ත තේරෙනවා. 

මේ වෙසක් එකට යක්කල 12 වැනිදා තියෙනවා. 18 වැනිදා නුවර තියෙනවා වැඩසටහන් දෙකක්. ධර්මය දකින්න පුළුවන් ආකාරයෙන් බුද්ධිය උපද්දවලා දෙනවා. මහාගුරු මුණගැහෙන්න කියලා මා සියලු කල්‍යාණ මිත්‍රයන්ට ආරාධනා කරනවා. මම කියන දේ අහන්න නෙවෙයි. මාව පරීක්ෂා කරන්න එන්න. එහිදී ඔබේ බුද්ධිය උපද්දවනවා, ඒකාන්තයි. මේ තාක් වැඩ කරලා ආවේ. ඉදිරියටත් එහෙමයි. ඔබට ජයවේවා. 

මේ ආකාරයෙන් මහාගුරු සමස්ථ ජනතාව වෙත ධර්මය දකින්න හැකි බුද්ධිය උපද්දවා ගන්න 2025 මැයි මස යක්කල සහ නුවර වැඩසටහන් සඳහා පැමිණෙන ලෙස ආරාධනා කළා. 

මේ සිදුවීම්වලින් දින කිහිපයකට පසු මහගුරු තම හිත මිතුරන් කිහිප දෙනෙක් සමග ත්‍රිකුණාමලය බලා යනවා. එහිදී, මංජු ශ්‍රි සහ මහාසත්ව බෝධිසත්ව ඇතුළු තම හිතවතුන් පිරිසක් සමග ත්‍රිකුණාමලයේ මාර්බල් බීච් අසල විවේකය සඳහා පැමිණ සිටි වෙලාවක මහාගුරුට දැඩි සංවේගයක් උපදිනවා..

 

මහාගුරු: මට මහා සංවේගයක් දැනෙනවා. 

 

මහාසත්ව බෝධිසත්ව: ඇයි ඒ කියලා කියන්න පුලුවන්ද? 

 

මහාගුරු: මට ඇයි කියලා තේරෙන්නේ නැහැ. 

 

මංජු ශ්‍රී බෝධිසත්ව: මහාගුරුට සාමාන්‍යයෙන් සංවේගයක් දැනෙන කාරණා මොනවාද? 

 

මහාගුරු: ලෝක සත්වයාගේ අසරණභාවය දැකලා තමයි මහාගුරුට සංවේගයක් ඇතිවෙන්නේ. නමුත් මට මේ දැන් තියෙන එක හිතාගන්න බැහැ. 

 

මංජු ශ්‍රී බෝධිසත්ව: ලෝක සත්වයාගේ අසරණභාවය ඇරෙන්න මහාගුරු වෙන මොනවද හැඟෙන්න පුළුවන් කරුණු කාරණා? 

 

හිතපු තරම් වේගයෙන් සත්වයා දහම කරා ඇදීගෙන නොඒම නිසා මහාගුරු සිටියේ ඉතාම දැඩි සංවේගයකින්. මහාගුරු නැවත කල්පනා කරලා කියනවා ඒ එකම දේ ලෝක සත්ත්වයාගේ අසරණභාවයම තමා කියලා. ඉන්පසු මහාගුරු නැගිටලා කියනවා මට ප්‍රාතිහාර්යය පාන්න වෙනවා කියලා. පොළව මත දණ ගසා  මහා පොළොවට අතින් මිට මොළවා ගසමින්, නුදුරු දින කීපයේදී පැවැත්වීමට නියමිත වෙසක් වැඩසටහනේදී  ප්‍රතිහාර්ය පාන බවට මහාගුරු දිවුරනවා.

 

 

Maithri Buddha

නුවර දේශනාව සහ බෝධිචිත්ත ප්‍රාතිහාර්යය

නුවර දේශනාවට දින දෙකකට පෙර මහාසත්ව බෝධි සත්ව බෝධිසත්වයන්...
Maithri Buddha

2025 වෙසක් දින චතුරාර්ය ශක්තිය දේශනාව

මනුස්ස ලෝකයේ කාරණා සහ අරහත් ලෝකයේ කාරණා පිළිබඳව යමක් කතා...
Maithri Buddha

මේ දක්වා පැමිණි ගමන් මාර්ගය - 1

අපට රජ වෙන්න නෙවෙයි ඕනා. මේ නිසා මේක විශ්වාස කරන්න, මේ තා...
Maithri Buddha

මිරැකල් - You are a miracle in Billiions of miracles

Miracle එකක් කියන්නේ, සම්මත විද්‍යාවට විස්තර කරන්න පු...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....