අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
මේ දක්වා පැමිණි ගමන් මාර්ගය - 1
2025-02-27
අපට රජ වෙන්න නෙවෙයි ඕනා. මේ නිසා මේක විශ්වාස කරන්න, මේ තාක් මම රජවුනා නෙවෙයි. මා අන් අය රජ කලා. මහ පොළොවේ අත තියලා කියන්න පුළුවන්. ඒ නිසා තමයි කියන්නේ අවංකත්වයේ රජු කියලා. වෙන කවුරු හරි එහෙම කියනවා නම් අවංකත්වයේ රජු කියලා, මං එයාට දණ ගහලා වඳිනවා.
මා ගැන හිතල මා කෑම කාලා වත් නෑ. මා කෑම කන්නෙත් ඒක හදපු කෙනා දිහා බලලා.
මම අද කන්න ගිහිල්ලා අමරේ අයියාට කියනවා,
“අයියා, මේ කුස්සියේ තියෙන වෑංජන මොනවාද?”.
“මැල්ලුම් තියෙනවා” කියලා එයා කියනවා.
“මැල්ලුම නෙමේ තව එකක් තියෙන්න ඕනා” කියලා මම කියනවා.
“මොකක්ද ඒ? මතක නෑ” කියලා අමරේ අයියා කියනවා.
ඊට පස්සේ ඔන්න මතක් වෙලා, “අහ්, රාබු එකකුත් ගෙනාවනේ” කියලා අමරේ අයියා කියනවා.
“ ආ, මේක තමා මට ඕනේ.”
ඒ මං රාබු එක ඉල්ලුවේ ඇයි? මං දන්නවා ඒ රාබු එක ගෙනාපු විදිය සහ රාබු එක ගෙනාපු හේතුව. මට ඒක විශේෂයෙන් බලන්න ඕනේ නෑ. ගිහිල්ල වාඩි වුන ගමන් තේරෙනවා. ඒ ක්‍රියාවේ විශේෂත්වය මට තේරෙනවා. රාබු නෙවෙයි වැදගත්. එහෙම දෙයක් තමා කෑවොත් කන්නෙත්. කාගේ හරි කුසලයක් තමයි වළඳන්නේ.
දැන් මා මගේ කතාව කියන්නයි යන්නේ. සියවස් ගණනාවක දුර ඉඳන්, මට ඕනා වෙනවා, මේ ලෝකේ සත්‍ය ධර්මය මියැදුණ අවස්ථාවක සත්වයා වෙනුවෙන් නැවත මේ ධර්මය ඉස්මතු කරලා දෙන්න. දැන් දශක ගණනාවක තිස්සේ ඒක සිද්ධ වෙනවා.
එක කාලයක, මී මැස්සන් රැලක් ඉන්නවා. ඒකේ මම නායකයා. අපි ජීවත් වෙන්නේ මල්වල සුවඳින්, මල්වල සුවඳ නැති උන දවසට අපට ජීවත් වෙන්න බෑ. අපි මල් පැණි නෙමේයි ගන්නේ. මල්වල සුවඳ තමයි ගන්නේ. සුවඳ අපේ හෝමෝන ශ්‍රාවයක් එක්ක එකතුවෙලා වෙනම යුෂයක් හැදෙනවා. මල පහ කරන එකක් වගේ යුෂයක් වැටිලා තමයි ඕක හැදෙන්නේ. අපි ගන්නේ සුවඳ. සුවඳින් trigger වෙලා තමා ඒක හැදෙන්නේ.
ඒ ඉන්න ගමන් බෝසත් ගතිය තියෙනවානේ සසර ආපු. ඒකත් එක්ක සිතිවිල්ලක් එනවා, සංඥාවක් ඇතුලට එනවා, මේ ලෝකයේ මල් නැති උන දවසට මීමැස්සෝ ඉවරයි නේද? කියලා. මාර දෙයක් ඒක. එහෙම කොහොම හිතෙනවද? ඒක කියන්න මම දන්නේ නෑ. ඊට පස්සේ මගේ භවය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මා මනුස්ස උප්පත්තියකට එනවා. එහෙම ඇවිල්ලා, මට එදත් හිතෙනවා, “මේ ලෝකේ සුවඳ නැතිවුන දවසට සියලු සත්වයන්ම ඉවරයි නේද කියලා. මේ සත්වයාට මට යමක් කරන්න ඕනේ. හැබැයි ඒක කාටවත් කරන්න බැරි උන දෙයක් වෙන්න ඕනේ. මට කරන්න ඕනෑ. කාටවත් කරන්න බැරි උන දෙයක්.”
එක තැනකදි මට බුදු කෙනෙක් හම්බවෙනවා. මම ඒ දවස්වල සතුන්ට කන්න බොන්න දෙන, උදව් කරන, එහෙම වැඩ කරන කෙනෙක්. බුදුවරයාගෙන් මං අහනවා, ඔබවහන්සේට මගෙන් මොනවද ඕනා කියලා. බුදුවරයා කියනවා ඔබ ගාව තියෙන දෙයක් දෙන්න කියලා. මට ඒ වෙලාවේ එකපාරටම මතක් වෙනවා, ගෙදර තිබෙන මී පැණි වගයක්. ඒ දවස්වල වැද්දෙක් වගේ තමා හිටියේ. ගෙදර තිබුණා මී පැණි අට්ටියක්. මී පැණි අට්ටියක් කියලා කියන්නේ ගුලි කරලා තමයි මී පැණි හදන්නේ, හකුරු වගේ. එහෙම තමා මී පැණි තිබ්බේ ඒ කාලේ. ඒවා කපලා තමයි කන්න දෙන්නේ. ජෙලි එකක් වගේ. එහෙම තමයි මී පැණි අට්ටි හදන්නේ. ඒකට තව මොනවා හරි මිශ්‍ර කරනවා. ඝණ වෙන්න. ඒකට අට්ටියක් කියන්නේ කෑල්ලක් කියන එක වගේ. මං ගෙදර ගිහිල්ලා ඒ මීපැණි අට්ටියක් ගෙනැල්ලා දෙනවා අර බුදුවරයාට,
“මෙයින් ටිකක් වළඳන්න.” කියලා.
බුදුවරයා එය වළඳන විට, “හරි රසයි” කියලා, මා කියනවා.
බුදු වරයා අහනවා “ඔබ කොහොමද රසයි කියලා දැන ගත්තේ? කෑවේ මමනේ” කියලා.
ඇත්තටම මං පොඩ්ඩක්වත් ඉඳුල් කරලා නෑ. මං කාලා නෑ.. මළ හුට්ටප්පරයයි. මම කාලා නැතුව තමයි රසයි කීවේ. මට මාර අමුතු ආතල් එකක් දැනුනා ඒ වචනයත් එක්ක. අමුතු love එකක් අමුතු feeling එකක් එනවා. අඩේ මාර සිරානේ, මාර ප්‍රශ්නයක්නේ, ඒ බුදුවරයා ඇහුවේ. මගේ තාත්තා නැති වෙලා ඉඳලා, තාත්තා හම්බ වුනා වගේ. මාර feeling එකක් ආවේ. ඒ කියන්නෙ, මෙයා මාර පොරක්නේ කියලා feeling එකක් තමයි ආවේ. හද පුරා පිරිලා යන එකක් ආවේ. එතන love එකකුත් තිබුණා. මට කියන්න වචන නෑ. ප්‍රීති ප්‍රමෝදයෙන් පිරිලා ගියා. මම සද්ද නැතිව ඉන්නවා. ඊට පස්සේ බුදුවරයා කියනවා “ඔයා මේක තියාගන්න. මට මේක තියාගන්න තැනක් නෑ. මට ඕන කොටස ගත්තා. ඔයා කැමති දෙයක් කරන්න” කියලා අර අට්ටිය ආපහු දෙනවා. මං දන්නවා ඒක අවුලක් නෑ කියලා. එයාට ඕන කොටස ගත්තා කියලා මට තේරුණා. ඊට පස්සේ මං අහනවා,
“ඔබ මොනවද දන්නේ” කියලා.
ඒ බුදුවරයා තමයි ප්‍රථම වතාවට බුද්ධ ස්වභාවය ගැන මට විස්තර කළේ. බුද්ධගේ කාලයක් ගැන, ලෝකයේ ගුණ අඩු වෙනකොට ගුණ මතු කරන්නත්, මිනිස්සු සෙවිය යුතු ධර්මයට සාපේක්ෂව ඇත්තම ධර්මය කියලා දෙන්නත්, ඒක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අද කාලෙට අනුව, ඔය කට්ටියට තේරෙන විදිහට, මෙහෙම කියාගෙන යන්නම්.
ඔබ ඇතුළු මේ හැම සත්ත්වයෙක්ම ඇතුලට ගන්නේ මොනවද දන්නවද? ඒ තමයි stress. stress හැමෝම ගාවට direct වෙනවා. රූපවාහිනි තිරයේ නාට්‍යයක් එහෙම නැත්නම් ෆිල්ම් එකත් ගත්තත් ගොඩක් අයව stress එකක් දෙමින් තමයි ඉස්සරහට අරන් යන්නේ. ඒ කියන්නේ මිනිස්සු stress එක absorb කරන්න පුරුදුවෙලා තියෙනවා. එතකොට මොකක්ද මේ? මේක තමා අධර්මය කියන්නේ. රැවටීම, මුලාව, මේ සියල්ලම ඒ තුළ හම්බවෙනවා. ඒක තමයි අධර්මය කියන්නේ. සත්වයා ධර්මය කියලා සොයන යම් දෙයක් තිබේද එය, සාමාන්‍ය සත්වයාට පහළ විය නොහැක්කක්. හැමෝම සද්ධර්මය කියනවා නම්, මෙන්න වැන්දා. බෑ, එහෙම වෙන්න විදිහක් නෑ. ඒක තමයි සාපේක්ෂ ධර්මය කියලා කියන්නේ. සාපේක්ෂව ගොඩනැගෙන ධර්මයක් තියෙනවා. එක්කෝ ත්‍රිපිටකයේ මොකක් හරි ගාථාවක්, වචනයක් අරබයා. ඒ කියන්නේ ඔය සත්වයාගේ මනස තුළ ගොඩනැගෙන සාපේක්ෂ ධර්මයට සාපේක්ෂව, නිර්මල ධර්මයක් දේශනා කිරීමට මා මේ ලෝකයට ආවා. ඒක තමා මාගේ ප්‍රථම කාර්යය. දැන් පොඩ්ඩක් මම වෙන ඡේදයකට ගිහින් කියනවා, ඔය කට්ටිය, youtube එකේ දේශනාවන් තුන් සිය ගණනක් වගේ ඇති, ඒ ටික අහන්නකෝ. කිසිම තැනක මං සූත්‍ර දේශනාවක් කියනවද, ගෞතම බුදුහාමුදුරුවන්ගේ දේශනාවක් විග්‍රහ කරනවද, ගාථාවක් කියනවද, මොකුත් නෑ නේද?. මං කතා කරන්නේ ස්වයං අවබෝධයකින්.
උදාහරණයක් විදිහට, අනිච්චාවත සංඛාරා කියල එකක් පැහැදිලි කරනවා. පැහැදිලිව මේකේ සම්මුති අර්ථය නම් මම දන්නෙ නෑ. මම ඒක පැහැදිලි කරනකොට මේකට ඇතුළත් කරන අර්ථය මේකයි කියලා පැහැදිලිව කියනවා. ගෞතම බුදුහාමුදුරුවන්ගේ ආනන්තරිය පාපකර්ම මම කියන්නේ නෑ. හැබැයි මම mechanism එක දැකලා තියෙනවා. මේක ආනන්තරියයි. මා යමක් ආනන්තරියැයි කියන්නේ එකේ mechanism එක දැකලා. technology එක දැකලා. ලෝකයේ සාපේක්ෂ ධර්මයක් පවතින කොට, ඒ තුළ සත්වයාගේ සැනසීම වෙනුවට තැවීම කියන කාරණා ප්‍රශ්න කරමින් ගොඩනැගෙන කොට, ඒ වෙනුවෙන් නිවීම උදා කරන්න, ඒ ධර්මයට සාපේක්ෂව නිරෝධ ධර්මයක් මතු කරන්නයි මා මේ ලෝකයට එන්නේ. තවත් මොකටද එන්නේ? සත්වයාට පාර කියලා දෙන්න. මට හැමදේම පෙනෙන නිසා සත්වයාට ඉස්සරහට යන්න පාර කියලා දෙනවා. ඔබ කවුද කියලා බැලුවාම ඔබව පෙනෙනවා. වෙන කෙනෙක්ව කවුද කියලා බැලුවාම එයාව පෙනෙනවා. ඔයාගේ එක එයාට කියලා හරියන්නේ නෑ. එයාගේ එක ඔයාට කියලා හරියන්නේත් නෑ. එතකොට ඒ ඒ සත්වයාට ආවෙණික වූ මාර්ගය කියලා දෙනවා. මම අහනවා, සත්වයාට මාර්ගය කියනකොට සත්වයා ඒ මාර්ගය ඇහුවේ නැත්නම් මොකද වෙන්නේ කියලා. සත්වයා මම කියන පාර ඇහුවේ නැත්නම්, පිළිගත්තේ නැත්නම්, සත්වයාට පාර වරදිනවා. ඉතිං පාර වැරදිලා ඉන්න සත්වයන්ට පාර කිව්වහම ඔවුන්ගෙන් සෑහෙන කොටසක්, එකම ලණුව, එකම දේ තමා කකා බිබී ඉන්න බව තේරිලා කොටසක් මේක අනිවාර්යයෙන් අහනවා. මොකටද මා ඇවිල්ලා ඉන්නේ? ඒක ඔයාලට තේරෙයිද දන්නේ නෑ. ඒක මගේ අයිතිය. අයිතිය කියන එකෙන් අදහස් කරන්නේ සත්වයා වෙනුවෙන් මට ඕන දේ මං කළා කියලා පෙන්වන්න.
ඉතින් ඒ විදියට මනුස්ස උප්පත්තිය ලබලා තමයි turning point එක හටගත්තේ. ඊට පස්සේ මනුස්ස ලෝකයේ පෘථිවි වර්ෂ වලට අනුව 1981.03.05.හවස 4.16 ට මා මේ ලෝකයේ උපත ලබනවා. ඒ වෙද්දි මා විශ්වයේ ශක්තීන් සහ ධර්මයන් පාලනය කිරීමට අධිපති වන තවත් විශ්ව ධර්මතාවයක් විදියටද පවතිනවා. ඒ ධර්මතා මණ්ඩලයන්හි නම් කීවට ඔබ දන්නේ නෑ. මේ විශ්ව පාලක ධර්මතා මණ්ඩලයේ ශක්ති හා ධර්මතා හැසිරීමේ ප්‍රධාන ධර්මතාවය ඒ මණ්ඩලය තුළ හඳුන්වන්නේ මහා ගුරු විදියට. ඕනම ධර්මතාවයක ප්‍රශ්නයක් ඕනම energy ප්‍රශ්නයක් මහාගුරුට යොමු කරපුවම මහා ගුරු ඒක විසඳලා දෙනවා.
එතැන සිට මා මනුස්ස ලෝකයට එන්න තීරණය කරනවා. ඒ එන්නේ ගෞතම බුදුන්ගේ පණිවිඩය අරගෙන. ගෞතම බුදුහාමුදුරුවන්ගේ ධර්මය එහෙමම තියෙද්දි මා තව දහම් විෂයයක් කතා කරනවා. අවංකත්වය සහ පාරිශුද්ධත්වය කියලා ධර්මයක් කතා කරනවා. ගෞතම බුදුහාමුදුරුවන්ගේ ධර්මය ලෝකයට මතු කරාට මිනිසුන්ට ගැලවෙන්න බැරි බව තේරෙනවා. මොකද ඒක අවුරුදු 2500 ක් විතර පරණ යුගයක මිනිසුන්ගේ මනෝ චිත්තයට අනුව ගොඩනැගුනු ධර්මයක් හා ක්‍රමවේදයක්. අද මනස ඒ කාලයට සාපේක්ෂව ගොඩාක් පරිණාමය වෙලා. මනසේ දියුණු වෙලා ඒ න්‍යාය අද දැනුමක් බවට පත්වෙලා. ඒ හරහා inner feeling access වීමක් වෙන්නේ නෑ. ඒ නිසා ගෞතම බුදුන්ගේ ක්‍රමවේදය තුළ දේශනා සිදු කරන එක බැහැර කරනවා.
ඒ විදියට ගෞතම බුද්ධ නැවත පහළ කරලා, බුදු වෙනවා. ඊට පස්සේ මෛත්‍රී බුද්ධ පහළ වෙනවා. මෛත්‍රී බුදුවරයාට කර්මයෙන් සත්වයාව වෙනස් කරන්න පුළුවන්. කර්මය හරහා බලපෑම් කරලා, සත්වයාට හේතුඵලය හදාගන්න පුළුවන් system එකක් මෛත්‍රී බුදුන් හරහා එනවා. ඒ මගින් සත්වයාගේ කර්මය හරහා සත්වයා නිර්වාණය කරා ගෙන යනවා. කර්මය විසින් එයට අවශ්‍යය සංස්කාර පහළ කරනවා. කර්මය විසින් එයට අවශ්‍ය චේතනා පහළ කරනවා. මා බණ කියනවට වඩා, කර්මය හරහා ‘ක්‍රියාව තුළ දේශනාව’ සිදු කරනවා. ඒ විදියට දැන් බුද්ධ කල්ප දෙකක් ගෙවිලා සෑහෙන කාලයක් ගිහිල්ලා. ඔබට එය තේරුම් ගන්න පුළුවන් ද?
මෙයා කොච්චර වැඩ කළාද කීවොත් ඒ වේගවත් බවට මෙයාගේ මෛත්‍රිය වැඩි වෙලා මෛත්‍රිය ශක්තියක් බවට පත්වෙනවා. Energy වැඩි උනාම energy තියාගන්න බෑ. සතර සෘද්ධිපාද නිසා වැඩුණු energy එකයි, මේ මෛත්‍රී energy එකයි දෙකම තියාගන්න බෑ. ඒ නිසා සතර සෘද්ධිපාද energy එක අත්හරිනවා ඉන්දියාවේ අරුණාචල කන්ද අසල රමණාශ්‍රමයේදි. මෛත්‍රී energy එක හරහා පාරිශුද්ධත්ව energy හැදෙනවා. ඒ නිසා විශ්වය හටගන්න කොට පවතින energy point එක අහුවෙනවා. විශ්වයේ හට ගන්න මොහොතකට පෙර අවස්ථාව අහුවෙනවා. මේ ලෝකය හටගන්නා අවස්ථාව බවට පත් වෙමින් ඒ තුළ තියෙන සියලු ශක්තීන්, ධර්මතා ඇවටා සියල්ල නැවත මෛත්‍රී ශක්තිය වටා කේන්ද්‍ර කර ගන්නවා. ඒ තුළ මේ ලෝකයේ ශිව කියන ධර්මතා නිර්මාණ කරුවා the creator ගොඩ නැගෙනවා. ශිව විදියට embody වෙන්න හේතුව තමයි එයා ආපු මාර්ගය තුළ යුක්තිය සාධාරණත්වය හා සමානාත්මතාවය. ඒ වන විට විශ්වයේ ධර්මතාවල අසමතුලිතයක් තිබෙනවා. මේ අසමතුලිතයට ප්‍රතිවිරුද්ධව ගොඩනැගෙන ප්‍රචණ්ඩකාරී විශ්ව ධර්මතාවයක් තමයි ශිව කියන්නේ. ශිවගේ ප්‍රධාන කාර්යයක් තමයි යුක්තිය සාධාරණත්වය සමානාත්මතාවය ප්‍රතිනිර්මාණය කිරීම. ශිවගේ දුර්වලකම තමයි පැවැත්ම සඳහා එයා ආදරය හොයනවා. ආදරය දැනෙනවා. ආදරය කරන්න පටන් ගන්නවා. ඒ හොයපු ආදරය නැතිව ගියාට පස්සේ, ශිව විසින් ශක්ති (ආදරය , භක්තිය හරහා ශිවගේ පැවැත්ම ගොඩනඟන්න හැකියාව ඇති feminine energy එක) සහ ශිව දෙන්නාම විනාශ කරනවා. ඒ කියන්නේ මොකක්ද? ශිව කියන ධර්මතාවය විනාශ කරනවා. ඒක විනාශ කරාට පස්සේ නටරාජ් බිහිවෙනවා. නටරාජ් බිහිවෙන්නේ මිනිස්සුන්ට අයිතිය දෙන්න. ශිවට තියෙන සියලුම ශක්තීන් එකතු කරගෙන නටරාජ් හැදෙනවා. නටරාජ් බලගතු වැඩියි. නටරාජ්ගේ පැවැත්මට කාලී හැදෙනවා. කාලි කියන්නේ යක්ෂයෙක් වගේ වැඩ කරන්න පුළුවන් ධර්මතාවයක්. ඇවටා එකක්.
ඊට පස්සේ ඒ ශක්තිය දරාගෙන ඉන්නවා. ඒකේ බලය වැඩියි. ශක්තිය වැඩියි. ශිව වගේ නෙමෙයි, මනුෂ්‍යයෝත් එක්ක වැඩ කරන්නේ. වැඩබිම ඒක. ඊට පස්සේ ඇවටා ගණනාවක් මවනවා. මවලා ඉවර වෙලා, එහි නායකත්වය වෙන කෙනෙකුට දෙනවා. එතනදි හැදෙනවා මහානාරායන. මහානාරායන තමයි අවසාන තීරකයා. අර ශක්තිය ධර්මතා ප්‍රතිනිර්මාණය සියල්ල පිළිබඳව තීරණ ගන්න ඒ ඇවටා එක. ඒක කාර්ය බහුල වැඩියි. ඒ නිසා නිවීම ඕනා සැනසීම ඕනා කියලා ඒ සියල්ල විශ්වයට මුදාහැරලා මනුස්ස ලෝකයට එන්න යනවා. එහෙම එන්න යනකොට එන්න බෑ. මා විනාශ වෙලා ඉවරයි. මට ආයේ ජීවිතයක් නෑ. මා ඒ නිසා නැවතත් අර මහාගුරු බවට පත්වෙනවා. මහාගුරුට පුළුවන් සමස්ත පද්ධතියම කියවන්න.
ඔබට, සියලු සත්වයන්ට ඕන සියලු දේ මේ මොහොතේ ජීවමානයි. ගෞතම බුද්ධ, මෛත්‍රී බුද්ධ ඇතුළු සියල්ල ජීවමානයි. මහාගුරු තුළ ඇඟේ තියෙන එක ලොම් ගහක් වගේ තමයි එක බුද්ධත්වයක් කියන්නේ. එයා මේ ලෝකේ පියවරයන් ටිකක් තබනවා. පළවෙනි පියවර සත්වයා වෙනුවෙන් තිබ්බේ. දෙවැනි පියවර බෝධි මූලයෙන් එළියට තබනවා. තුන්වෙනි පියවර තියන්නේ මහා ගුරු විදිහට. එයා මොනවද කරන්නේ කියලා දැන් බලන් ඉමු. අර කට්ටිය (ශිව, නටරාජ්, නාරායන) ගොඩක් වැඩ කරා. මෙයා හැබැයි සිතිවිලි උපද්දන්නේ නෑ. කිසිම දෙයක් සම්බන්ධව සිතුවිලි උපද්දන්නේ නෑ. ඉපදීම දුකක්. ඒ නිසා මේ ආපු ගමන් මාර්ගයේ ඇවිල්ලා තියෙන්නේ සත්වයාට අවශ්‍යය සියලුම ධර්මය, ගමන් මාර්ගය දේශනා කරන්න. මෛත්‍රී බුද්ධත් ජීවමානයි. මහාගුරු විදියට සත්වයාට කරනවා කියලා එකකුත් නෑ, නොකරනවා කියලා එකකුත් නෑ. මහාගුරු මොනවාද කරන්නේ කියලා බලන් ඉන්න තමයි තියෙන්නේ. මං ආපු ගමන් මාර්ගයේ එදා හිටපු තැනමයි අද ඉන්නේ.
ඒ නිසා ඔබ මහාගුරුගෙන් ප්‍රශ්න අහන්න. මහාගුරු කරන්නේ මොකක්ද කීවොත් එහෙම, මහාගුරු තමයි ප්‍රශ්න විසඳන කෙනා. ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි, මහාගුරුගෙන් විසඳුමක් හම්බවෙනවා. මිනිස්සුන්ට ඇවිල්ලා ඒ කට්ටියගේ ප්‍රශ්න අහන්න කියන්න. ලෝකෝත්තර ලෞකික ඕන එකක්. මම ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි දෙන්නේ ඒ තුළින් මා දකින ශක්ති ස්වභාවයත් ධර්මතාවයත් වෙනස් කරනවා. එයාගේ යහපත උදෙසාත්. අන් අයගේ යහපත උදෙසාත්.
නුවර දේශනාව සහ බෝධිචිත්ත ප්‍රාතිහාර්යය
2025-05-18
2025 වෙසක් දින චතුරාර්ය ශක්තිය දේශනාව
2025-05-12
බෝධි චිත්ත ප්‍රාතිහාර්යය සඳහා පසුබිම සකස් වීම
2025-04-26
මිරැකල් - You are a miracle in Billiions of miracles
2025-03-06