maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

ඔබට ගෝචර ධර්මය

2024-08-31

Maithribodhi

දවසක් ගෞතම බුදු හාමුදුරුවෝ උන්වහන්සේගේ ඉදිරියෙන් සිටිය පිරිසට කිව්වා ගල්කැටයක් අරන් එන්න කියලා. හැමෝම ගිහිල්ලා තැත් තැන ඇවිදලා ගල්කැට අරගෙන ආවා. කාශ්‍යප හාමුදුරුවෝ ගෙනාපු ගල් කැටය අතට ගත්ත ගෞතම බුදුහාමුදුරුවෝ මෙහෙම පැවසුවා. 

 

“මෙපමණයි ධර්මය” 

 

හොඳට කල්පනා කරලා බලන්න.

ඔබට ඒ කියපු කාරණය තේරුණාද? 

 

මෙච්චර මහපොළොවේ ගල්කැට තියෙද්දි එක්කෙනෙක් අරගෙන එන්නේ එක ගල්කැටයක්. ඒක තමයි එයා ගේ ධර්මය. එයා දකින ධර්මය. 

 

අනිත් අයගේ අතේ තියෙන ගල්කැටය, තමන්ගේ අතේ තියෙන ගල්කැටය මෙන්ම විය යුතු යැයි කාටවත් කියන්න බෑ. 

 

මේ මහ පොළොවේ ගල්කැට අනන්තවත් තියෙනවා වගේ ධර්මයත් අනන්තයි, අචින්ත්‍යයි. එයින් ඔබට ගෝචර වන්නේ යම් කොටසක් පමණයි. 

 

Buddha Bodhi රාහුලෝවාද

බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි

දවසක් රාහුල ගෞතම බුදුන් හමුවෙන්න ගිහින් මෙසේ අහනවා. ...
Buddha Bodhi රාහුලෝවාද

ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා

දවසක් රාහුලගේ යම් කිසි ක්‍රියාවක් හේතු කොට ගෙන එක්තරා...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

සේරිවාණිජ

බාලයා ද පණ්ඩිතයා ද සිටින්නේ ඔබ තුළ ය. දෙව්දත් ද බෝසතා ද ස...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

කැඩපත

දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ගෞතම බුදුන්ගෙන් මෙහෙම ඇහු...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....