maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

බණ කියන විදිය

2024-08-31

Maithribodhi

දවසක් ගෞතම බුදුන් රාහුලව තවත් භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක් එක්ක භාවනා කරන්න කැලේට යවනවා. කැලේ ඇතුලේ පාඩුවේ ඉන්න වෙලාවක කුරුල්ලෙක් ගේ සද්දයක් ඇහිලා රාහුලට යම් කරුණු කාරණා වගයක් තේරෙනවා. 

 

ඊට පස්සේ භාවනා කරන්නත් ඕනෑ නෑ වගේ හින්දා රාහුල කැලේ ඇතුළෙ විනෝද වෙවී ඉන්නවා. ඊට පස්සේ කැලෙන් ආපහු ගියාම අනිත් කට්ටිය කේලනුත් කියනවා ගෞතම බුදුන්ට රාහුල භාවනා කරේ නෑ කියලා. එතකොට රාහුල කියනවා නෑ මට ධර්මතා වගයක් තේරුණා කියලා. එතකොට ඒක පැහැදිලි කරන්න කියලා ගෞතම බුදුන් කියනවා. එතනදි රාහුල ඒක කුරුලු සද්දයක් වුණ හැටි, මිහිරි සද්දයක් උන හැටි ඒ විද්‍යාව තමයි පැහැදිලි කරන්නේ. නමුත් ඒක කාටවත් තේරෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ කෙලින්ම විද්‍යාව කතා කළේ නෑ. මොකද ඒ කාලේ විද්‍යාව කෙලින්ම තේරුම් ගන්නා අය හිටියේ ටික දෙනයි. දහම දුන්නා එතකොට දහම තුළින් අනිත් අය තුළ විද්‍යාව පහළ වුණා. නමුත් අද අයට විද්‍යාව දෙන්න පුළුවන්. 

 

ඉතිං ඒක ඉවර වෙලා ගෞතම බුදුන් කිව්වා ඒ කුරුල්ලා බණ කිව්ව නේද කියලා. මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම බණ කියනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ බණ කවුරුවත් අහන්නේ නැති එක. හැමෝම බණ කියනවා ඇයි සත්වයා අහන්නෙ නැත්තෙ?  සත්වයා කොහේ හරි හිර වෙලා ඉන්නෙ ඒකයි අහන්නෙ නැත්තෙ. 

 

කුරුල්ලා කුරුලු සද්දෙන් බණ කියන්නේ යම් සේද, සුළඟ හෝ සෙලවෙන කොළයක් බණ කියන්නේ යම්සේද, පොළොව බණ කියන්නේ යම් සේද, ඔබ බණ කියන විදිය ඔබ සොයා ගන්න. 

 

එතනදි තමයි රාහුලට එයාගේ ක්‍රමය වැටහුණේ. සත්වයාගේ කර්මය කියවා චිත්තය කියවා එයාගෙ හේතු ඵලය බලලා ඒක අනුව තමයි ක්‍රමය සැකසුණේ.

 

Buddha Bodhi රාහුලෝවාද

බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි

දවසක් රාහුල ගෞතම බුදුන් හමුවෙන්න ගිහින් මෙසේ අහනවා. ...
Buddha Bodhi රාහුලෝවාද

ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා

දවසක් රාහුලගේ යම් කිසි ක්‍රියාවක් හේතු කොට ගෙන එක්තරා...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

සේරිවාණිජ

බාලයා ද පණ්ඩිතයා ද සිටින්නේ ඔබ තුළ ය. දෙව්දත් ද බෝසතා ද ස...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

කැඩපත

දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ගෞතම බුදුන්ගෙන් මෙහෙම ඇහු...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....