අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
මිරැකල් - You are a miracle in Billiions of miracles
2025-03-06
Miracle එකක් කියන්නේ, සම්මත විද්‍යාවට විස්තර කරන්න පුළුවන්වත්, විද්‍යාවට නැහැයි කියන්න පුළුවන්වත් දෙයක් නොවෙයි වෙන්න පුළුවන්. සමහර විට විද්‍යාව ඒ ගැන අනාගතයේ සොයා ගන්නත් ඉඩ තියෙනවා.
miracle එකක් කියන්නේ මොකක්ද? ත්‍රිමාන හෝ ද්විමාන විදියට පෙනෙන එකක්. ඒක mirrors (කණ්ණාඩි) ගණනාවක් එකිනෙක ඇතුලේ සිදුවන පුදුම හිතෙන මැවිම් ගොඩක් වගේ. එකිනෙක Mirrorize වෙමින් ඇතිවන දෙයක්. එහෙමත් නැත්නම් දර්පණ ගණනාවක් හරහා ප්‍රතිස්ථාපනය වෙමින් ඇතිවන දර්ශනයක් වගේ දෙයක්.
කෙනෙක් සමස්ත විඥානය බවට පත්වුනාම, එතන miracle එක mirrorize වෙමින් ගොඩනැගිලා තියෙන විදිය දකිනවා. මහාගුරු කියන්නේ miracle එක දැකපු කෙනෙක්. Miracle එක හැදෙන විදියත් දැකපු කෙනෙක්.
දිනක් මහාගුරුට සත්‍ය ගවේෂී ආධ්‍යමිකයෙක් මුණ ගැසී සතුටු සාමීචියේ යෙදුණා. ඔබ සත්‍යාවබෝධ කල තැන දක්වා ගොඩනැගුනේ කොහොමද? මහාගුරු විසින් මනුෂ්‍ය ලෝකයට miracle එක ගැන මුලින්ම දේශනා කරන්න යෙදුනේ මේ කෙනා සත්‍යාවබෝධය කළ විදිය දැකලා.
මහාගුරු ඒ miracle එක වුණ විදිය ඒ කෙනාට මෙහෙම විස්තර කරනවා.
පොඩි කාලේ දවසක ඔබේ මාමා කෙනෙක් ඔබට උපහාහසෙන් යුතුව කියනවා “උඹලට මුකුත් කරගන්න බෑ” කියලා. ඒ මාමා හැඩිදැඩි උස මහත කෙනෙක්. එයා ඔබව සහ ඔබේ පවුලේ අයව පහත් කරලා තමයි කතා කරන්නේ. ඒ වෙලාවේ යම් අදහසක් ඔබේ මනසේ හිරවෙනවා. ඒ හිර වෙන එක මත ඔබ තුළ ගොඩනැගෙනවා තනිව සිටින්න සහ ගැලවිලා ඉන්න ඕනා කියන එක. ඒක යම් කිසි බයකුත් එක්ක එන්නේ. ඕනම දෙයක් හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් කියන අදහසත් ඔබට එනවා. ඒ හැදෙන එක ඔබට සෘජුවම බලපානවා සත්‍ය අවබෝධ කර ගන්න.
මහාගුරු තවදුරටත් මෙහෙම කියනවා.මම තනිව සහ ගැලවිලා ඉන්නවා කියන එක මගේ subject එකේම නැහැ. මගේ miracle එක ඇතුලේ එහෙම එකක් නෑ.
එක තැනකදි දෙවිකෙනෙක් මගෙන් අහනවා භය කියන්නේ මොකක්ද කියලා. ඒ වෙලාවේ මම කියනවා භය කියන වචනයවත් මම දන්නේ නැහැ කියලා. එහෙම එකක් මගේ ලෝකයේ නැහැ කියලා.
ඇත්තටම කිව්වොත් මේ miracle එක ඔබ සත්‍යය අවබෝධ කර ගන්නවා කියන අවසාන ප්‍රතිඵලය වෙත manipulate කරනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔබව වෙනස් කරනවා. ඒ කියන්නේ ඔබට ඒ වෙලාවේ ඇති වූ මානසිකත්වයත්, අර පුද්ගලයාත්, ඒ පුද්ගලයාගේ සිතිවිල්ලත් ඒ සිද්ධියත් සත්‍යය අවබෝධ කරගන්න තැන දක්වා miracle එක නිර්මාණය කරනවා. ඒ සිද්ධියට සම්බන්ධ වුණු ඥාතියා හැඩි දැඩි වෙලා ඉන්නත් ඕනා, එතකොට තමයි භය හිතෙන්නේ. ඇත්තම කාරණය නම් ඔබ ධර්මය අවබෝධ කර ගන්න සිද්ධියයි ඇත්තටම වෙන්න තියෙන්නේ. හැබැයි ඒ සිද්ධිය වෙනුවෙන් miracle ගණනාවක් හැදෙනවා. එතකොට කාළය කියන එක මෙතන නැහැ. ඇත්තටම අර සිද්ධිය වෙද්දීත් ඔබ ජීවමානයි. හැබැයි එකේ ජීවමාන බව ඔබට හොයා ගන්න බැරි වෙලා තියෙන්නේ, ඔබ මනසේ තියන හැකියාවෙන් පමණක් ලෝකය දකින එක සහ ලෝකය තීරණය කරන නිසා. ඒ නිසා real එක තේරෙන්නේ නැහැ. මොකද මනස හරහාමයි බලන්නේ. කණ්නාඩි දෙක දාලා බලන්නේ. එතකොට කණ්නාඩි දෙකට ඕන විදිහට පේනවා මිසක්, අපිට ඕන විදියට පේන්නේ නැහැ කවදාවත්. එතකොට මේ ජීවමාන ඇත්ත සිද්ධියට අර අවස්ථාවන් ගණනාවක් miracle හම්බවෙනවා. ඒ miracles තුළ මේ ඇත්ත සිද්ධිය ශක්තිමත් වෙමින් ගොඩනැගීමෙන් නිර්මාණය වෙනවා. එතකොට හැමෝම දන්නේ නැහැ තමන් miracle එකක් ඇතුලේ ඉන්නේ කියන බව. ඒ miracle එක තමන්ගේ අවසාන තීරණය තියෙන, මේ මොහොතේ manipulate වෙමින් එහෙට මෙහෙට වෙන miracle එකක්. Miracle එක ක්‍රියාත්මක වෙන්නේ final end point එකට.
ප්‍රශ්නය:
එතකොට එතන සත්‍ය තියනවා කියලාද කියන්නේ ?
මහාගුරු:
එතන තියෙන්නේ Final End එක. එයාගේ අවසානය.
සියළුම සත්වයෝ miracle එකක් ඇතුලේ තමයි ඉන්නේ. ඒ සියළුම සත්වයන්ගේ miracle එකේ end එකත් මේ end එකත් එකම තමයි. එතකොට මම final end එකේ ඉදලා සියළු සත්වයන්ගේ miracle එක මට පෙනෙනවා. ඒ විතරක් නෙවෙයි, මා ගාවට එන අයට මට පුලුවන් ඒ අයට miracle නිර්මාණය කරලා දෙන්න. වඩා වේගවත් miracle හදන්න පුලුවන්. ක්ෂණිකව හදලා දෙන්න පුලුවන් ඉක්මනින්ම යන්න ඉස්සරහට. ඒක මා ගාවට එම හැමෝටම automatically හම්බ වෙන දෙයක්. ඒක ඒ අයගේ අවස්ථාව. ඒ miracle හදන්න පුලුවන් එකට තමයි ශිව, නටරාජ්, මහා නාරායන් කියලා කියන්නේ.
ඔබට පුංචි කාලෙ ඉඳලා මේ මොහොත දක්වා සමස්ථ සිද්ධීන් ටික එකවර මතක් කරගන්න පුළුවන්නම් මේ miracle එක දකින්න පුළුවන්.
එහෙම සියලු සිදුවීම් එකවර විවෘත කර ගත්තාම තේරෙනවා, කොහොමද ඒවා miracle එකක් වුනේ කියලා. හැබැයි සියල්ලම එකවර විවෘත කරගන්න ඕනා.
ඒ සියළු miracle මේ මොහොතට ඔබව ගෙනැවිත් තිබෙනවා.
Miracle එක තේරුම් ගත්තට පස්සේ, miracle එකක් කියලා ඒ ගැන හිතන එකත් miracle එකේම කොටසක්. Miracle එකක් කියලා හිතෙන්නෙත් miracle එකක්ම තමයි. ඒ නිසා හැමෝම miracle එකක හිරවෙලා ඉන්නේ.
තමාම හෙමිට miracle එක කියවා ගත්තොත් සෑහෙන දුරකට ගැලවෙන්න පුළුවන්. අපි සමහර දේවල් හිතනවා, මේක මනස, මේක විඥානය කියලා. ඔය සියල්ලම miracle තමයි. අපිම miracle එකක් හදාගෙන, අපිම miracle එකක් දකිනවා. මේ miracle වෙන විදිය තේරුම් ගන්න තමයි තියෙන්නේ. ඕනෑවට වඩා දකින්න ගියොත් එහෙම එතනත් miracle එකක් තමයි තියෙන්නේ.
හොඳම උදාහරණය තමයි, අපි කවුරුත් හිරේට යන්න කැමතිද? කැමති නෑ නේ. දැන් ලෝකෙ කවුරුත් හිරගෙට යන්න කැමති නෑ. ඇයි ඒ හිරගෙට යන්න කැමති නැත්තේ? මොකද ඔය කට්ටියගේ ඔළුවේ හිරගෙදර කියන්නේ වැරදිකරුවෝ හිර කරලා තියෙන එකක්නේ. නරක කුඩුකාරයන්, මිනීමරුවන් වගේ අය හිරකරුවන් ලෙස තබන බව ඔබගේ ඔළුව තුළ හැදිලා තියෙනවා. ඒ අයව දාල තියන room එකක් වගේ පොඩි හිරකූඩුවක සිද්ධියක් ඔබේ ඔළුවල හැදිලා තියෙනවා. ඒ හිර කූඩුවට යන්න තමයි ඔබ අකමැති.
මිනිස්සුන්ට කලින්ම කියලා දීලා තියෙනවා හිර ගෙදර එහෙමයි කියලා. අපේ ඔළුවේ හිරගෙදර හැදුන නිසා තමයි එතනට ගියාම හිරගෙදර තුළ හිරවෙලා ඉන්නේ. හැබැයි මිනිස්සුන්ගේ ඔළුවේ ලෞකික ජීවිතය හිරගෙදරක් කියන එක හදලා නෑ. ඒත් අට පහ වැඩ කරනවා, සමහරු ඊටත් වැඩිය වැඩ කරනවා. ළමයින්ගේ වැඩ, ජීවිතයක් නෑ, මාරකරුම ජීවිතනේ ගෙවන්නේ. ඒකනේ මිනිස්සුන්ගේ ලෞකික ජීවිතය. නමුත් ඒක හිරගෙදරක් කියන සංකල්පය දීලා නෑ. වැරදි කරහම යන තැන හිර ගෙදරක් කියන concept එක හදලා තියෙනවා.
අපි ඔළුවට හිර ගෙදර කියලා දාලා දුන්නොත් හිර වෙනවා.
එතකොට හිර කූඩුව නිර්මාණය කළේ miracle එකෙන් කියන එක තේරෙන්නේ නැද්ද?
ඇත්තටම ඔබව ගිහින් දානවා කියලා හිතන්න කොහේ හරි තැනකට. ඔබ දන්නේ නෑ ඒක හිර ගෙදරක් බව. කන්න දෙනවා, බොන්න දෙනවා, වැඩ කරන්න දෙනවා, හිර කූඩුව කියලා දන්නේ නෑ. ඇයි හිර කරලා නෑ. එතකොට ඔබේ මනසේ හිර කූඩුව කියලා තියෙන එකට තමයි ඔබ යන්න අකමැතියි. මොකද හිර කූඩුවක් කියලා එකක් ඔළුවේ හදලා ඒ හිර කූඩුවේ තමයි ඔබව හිරකරන්නේ.
හැබැයි කෙනෙක් මහණවෙලා, කැළයකට වෙලා, එක් වේලක් දානේ වළඳලා, කුටියක් ඇතුලේ විනය, සිල් ඔක්කොම රකිමින් එහෙම අය අතින් අයට වඩා හිර කූඩුවක තමයි ඉන්නේ. හැබැයි ඔවුන්ට ඒක හිර කූඩුවක් වෙන්නේ නෑ. ඇයි ලැබෙන ගෞරවයත් එක්ක, සැලකිලිත් එක්ක ඒ miracle එක වෙනස්. ඒ නිසා ඔවුන්ට ඒක හිරගයක් වෙන්නෙ නෑ. ආරණ්‍ය සේනාසනවල සීලයත් එක්ක හිරවෙලානේ ඉන්නේ, ඒකත් එක හිර ගෙයක් තමයි. ප්‍රඥාව තියෙනවනම් හරි. එතකොට ලෝකය දකිනවානේ. එහෙම නැත්නම් හිතාගන්න බැරි විදියට හිරවෙලා හිරගෙයක ඉන්නේ ඒ අයත්. මනුෂ්‍ය ජීවිතයක් විදියට කිසිම දෙයක් නෑ එතන.
හිතන්න පොඩි කාලේ ඉඳන්ම මහණ වෙලා ඉඳපු කෙනෙක් සිවුරු ඇරියා කියලා. ඔවුන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න විදිහක් හිතාගන්න බෑ. බොහෝ වෙලාවට ඒ ගිහි ජීවිතයත් අසාර්ථක වෙනවා.
දැන් ඔය ක්‍රිකට් ටීම් එක ගමුකෝ; පුංචි කාලෙ ඉඳලා දුවන අශ්වයෝ වගේ පුහුණු කරලා රට වෙනුවෙන් සෙල්ලම් කරනවා කියලා ground එකට යනවා. බෝලයකුයි බැට් එකකුයි දීලා. ඔවුන් ලවා ක්‍රිකට් ගස්සගෙන අපි ආතල් එකක් ගන්නවා. අර ඔට්ටු දාන අශ්වයෝ ගානට දාලා තියෙන්නේ. හිතාගෙන ඉන්නේ පට්ට පොරවල් කියලා. පොරවල් කියන එක හදලා තියෙන්නේ miracle එකෙන් තමයි. ඔවුනුත් අර පුහුණු කරපු අශ්වයෝම තමයි. වෙන කරන්න දෙයක් දන්නේ නෑ. විටමින් ගහලා, fitness හදලා, මානසිකත්වය හදලා ඔවුන්ට ජීවත් වෙන්න සාමාන්‍ය lifestyle එකක් නෑ. Match වල stress එකට අනුව ඔවුන් හැදිලා ඒ නිසා නිකං ඉන්න බෑ. ක්‍රීඩකයන්ගේ ලෞකික ජීවිතය ගොඩක් වෙලාවට අසාර්ථකයි. පුහුණු කරපු ඒ අය දන්නෙ ක්‍රිකට් විතරයි. Miracle එකක් හදලා ඒ තුළ හිර කරලා තියෙන්නේ.
මූලික වශයෙන්ම අධ්‍යාපනය කියන එක තුළින් තමයි අපේ miracle එක හදන්නේ. ලෝකෙ කිසිම තැනක නිදහස කියලා එකක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය කියලා එකක් මේ ලෝකේ නෑ. ඇත්තටම ලෝකෙ කිසිම තැනක නැත්තේ මේ දෙක තමයි. නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මේ ලෝකෙ කොහෙවත් නෑ. කිසිම තැනක නෑ. අපි ඉන්න ගෙදර වත් නෑ. තමන්ට තමන් තුළත් නෑ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය කියන එක. එතකොට මේ අධ්‍යාපනයක් කියලා එකක් දීලා ලෝකයා political game එක ගහන්නේ. ඒකෙ ඉන්න මනුස්සයන්ගේ ඔළුව miracle එකකට set කරලා ලෝකය පාලනය කිරීම කියන න්‍යායට ඔවුන්ව නතු කරනවා.
අධ්‍යාපනය නොදුන් කෙනාව පාලනය කරන්න බෑ. ඒක තමයි මේ ලෝකය පාලනය කරන ක්‍රමය. අධ්‍යාපනය කියලා කියන්නේ මිනිස්සුන්ව පාලනය කරන ප්‍රධාන tool එක. ඒක දීලා ඔවුන්ට lifestyle එකක් දීලා ඔවුන්ට දෙනවා ජීවත් වෙන විදිහක්. ඔවුන් ඒකත් කරගෙන සමාජ තත්ත්වය කියලා එකකුත් දාගෙන අපි මෙහෙම ජීවත් වෙනවා කියලා miracle එකක් හදාගෙන තමයි ජීවත් වෙන්නේ.
එහෙම ගත්තාම අපි හැමෝම එක එක miracles වලට අහු වෙලා ඉන්නේ. හිර කුඩුවේ කතාව තමයි miracle එක තේරුම් ගන්න තියෙන හොදම point එක. අපි අවුරුදු 18 තිස්සේ දරුවෙක් හදන්නේ හිර කූඩුවකනේ. හැබැයි එයාට හිර කූඩුව කියන සංකල්පය දාලා නෑ. ඒ ගෙදර කියන එකේ හැටි තමයි. කියලා ඔවුන් දන්නවා. ඒ miracle එකක් අතර හිර කරලා තියෙන්නේ.
තමා වටා තියෙන miracle එක තේරුම් ගෙන ඒවා වෙනස් කරන්න යන්නෙ නැතුව, ඒවට අහුවෙන්නේ නැතිව ජීවත්වෙන එක තමයි කරන්න තියෙන්නේ.
Miracle කියන්නේ එක පැත්තකින් concept එකක් හදලා ඒ concept එක තුල මිනිස්සු හිර කරනවා කියන එකයි. ඊට පස්සේ concept එක ඉවත් කිරීම හා concept එකේ කරුණු වෙනස් කිරීම තමයි මිනිස්සුන්ගේ සතුට දුක කියන්නේ. concept එක manipulate කිරීමෙන් මිනිසුන්ගේ සතුටු දුක හදන්න පුළුවන්. එතකොට මිනිස්සු ඒකට aline වෙනවා. ඒක හැදෙන විදිහ අනුව මිනිස්සුන්ගේ සතුට දුක වෙනස් වෙනවා. මිනිස්සු ඒක දිහා බලන විදිය අනුව තමයි ඔවුන්ට දුක සතුට ලැබෙන්නේ. මිනිස්සුන් ඒවාට aline වුනේ නැත්නම් එහෙම දෙයක් නෑ.
කුඩා කාළේ ඉඳලා කෙනෙක් දැනුම් තේරුම් තියෙන කෙනෙක් වෙන්නෙම ආගම දහම, සංස්කෘතිය, නිවන, බුදු දහම, අවිහිංසාව මේ වගේ එක එක දේවල් concept විදියට එකතු වෙමින්. එහෙම concept එක දැම්මට පස්සේ තමයි ඒක miracle එකක් වෙන්නේ. ලොකු වුණාම miracle එක දිග ඇරෙනවානේ, එතකොට මිනිස්සු තීරණ ගන්නේ ඒක දිහා බලලා. එතකොට ගැලවෙන ක්‍රමයක් දකින්නේ නෑ. අපි program වෙලා තියෙන miracle එකක් තියෙනවා.
ඔබට මේ දැන් miracle එක ගැන කියන කතාව අහනවා කියන එක ඔබගේ miracle එක තුල හැදිලා තියෙනවා. හැබැයි කාලය කියලා එකක් නෑ.
ඒ miracle කියන එක අහලා තේරුම් ගන්න ඔබගේ මනස කියන එක ගොඩනගෙන්න ඕනා. ගොඩ නැගෙන එක හැදෙන්නේ මේක තේරුම් ගන්න හදන miracle එක තුලම තමයි.
නමුත් final result එක තුළ ඉඳලා විවිධ miracle හදනවා ඔබට ඒ අවස්ථාව තහවුරු වෙන්න.
මේ අවස්ථාව හැදුන නිසා final result එක හැදුනා නෙවෙයි. Final result එක හැදිලා තියෙන ඒකේ miracle එකක් තමයි මේ අවස්ථාව. ඒකට කාලය දාගත්ත ගමන් වෙනස් වෙනවා.
Real miracle එකේ කාලය කියලා එකක් නෑ. කාලය කියන ඒකකය නැතුව තමයි real miracle එක ක්‍රියාත්මක වෙන්නේ.
miracle එක දකිනවා කියන එක තවත් miracle එකක් නිසා සාමාන්‍ය කෙනෙකුට miracle එකක් දකින්න පුලුවන්ද කියන එක හරියටම කියන්න අමාරුයි. මොකද අපි miracle එක දකිනවා කියලා හදාගත්ත එකත් miracle එකක් තමයි. Miracle එක ගැන විනිශ්චය තුළ තව miracle එකක් ගොඩ නඟා ගන්නවා. miracle එක දකිනවා කියන්නේ සජීවීව ඒක දකින එක. ඒක ගොඩනගා ගන්න එකක් නෙවෙයි.
Miracle එක දකින කෙනාට පුංචි කාලෙ ඉඳලා මේ මොහොත දක්වා සිද්ධීන් එකවර විවෘත කරලා දැකීමේ හැකියාව තියෙන්න ඕනා. ඒක හරියට සියල්ලම එක screen එකකට ගත්තා වගේ තමයි. එතකොට තමයි ඒක miracle එකක් වෙන්නේ කොහොමද කියන එක පෙනෙන්නේ.
මහාගුරු ගසක් පෙන්වමින් තමා වටා සිටි මිතුරන් පිරිසකට මෙසේ පවසයි.
උදාහරණයක් විදියට miracle එක දකිනවා කියන්නේ මේ ගහේ කොළ සියල්ලම එකවර දකිනවා වගේ වැඩක්. එක කොළයක් දැක්කාට miracle එකක් පේන්නේ නෑ. Miracle එකක් වෙන්නේ කොහොමද කියලා දකින්නේ ඒ සියල්ල එකවර දකිනකොට තමයි.
සත්‍ය දකිනවා කියන්නේ සමස්තය එකවර දකිනවා කියන එකයි. එතකොට තමයි සත්‍ය කියන එක හරියටම තේරෙන්නේ. සත්‍ය කියන්නේ සියල්ල එකවර අමුවෙන් දකිනවා කියන එකයි.
ඒක awareness එකේ උපරිමය. Miracle එක දකිනවා කියන්නේ awareness එකේ උපරිම අවස්ථාවක්. අපිට දැනෙන බව දැනෙන එක කියන දැනුවත්භාවය මත අපි එකවර දැනුවත් වීම් කිහිපයකට විවෘත වෙනවා. විවෘත වීම තුළ තමයි අපිට miracle එක අහුවෙන්නේ. Awareness එකේ peak එක වගේ.
ඒක අපිට උත්සහ කරන්න පුළුවන්. හැබැයි awareness එක ගැන හිතපු ගමන් අපි miracle එකකට අහුවෙලා ඉවරයි. ඒක ගොඩනගා ගෙන බලන එකක් නෙවෙයි. සජීවීව දකින්න ඕනා. ඒක මතකයක් නෙවෙයි. ඒ මොහොතේ ඒ මොහොත දැකීමක්.
ප්‍රශ්නය:
ඒකට මාර්ගයක් කියන්න පුළුවන්ද?
මහාගුරු:
ඒකට භාවනාවක් තියෙනවා. විඤ්ඤාණඤ්ඤායතනයට සම වැදුණාම ඒකට අහුවෙන්නෙ නැතිව ඒක තේරුම් ගත්තොත්, විඤ්ඤාණය අනන්ත බව තේරුම් ගත්තොත්, එතනදී අපට miracle එක බොහෝ විට තේරුම් ගන්න පුළුවනි. විඤ්ඤාණය අනන්තයි බවට කියන සමථයට සමවදින්න ඕන. විඤ්ඤාණය අනන්තයි බව මෙනෙහි කරගෙන යන්න තියෙන්නේ. එහෙම මෙනෙහි කිරීම නතර කරනවා විඤ්ඤාණයේ අනන්ත ස්වභාවය මත, අපි ඒ මත awareness වෙනවා. ඒ awareness එක තුළ, විඤ්ඤාණය අනන්තයි කියන එක තුළ ධ්‍යානගත වෙන්නේ නැතිව, අපිට ඒ miracle වෙන්නේ කොහොමද කියන එක අපිට සීයට පනහක් වගේ දුරට තේරුම් ගන්න පුළුවන්, sense කරගන්න පුළුවන්.
කන්නාඩි දෙකක් මූණට මූණ ඇල්ලුවම පෝලිමට පෙනෙනවා වගේ, Miracle කියන්නේ mirrorize වෙන එක තමයි. කෙනෙක් කතා කරනකොට ඒ කෙනාගේ miracle එක දකින්න පුළුවන්. කෙනෙක් කතා කරනකොට ඒ කෙනා හිතන පතන විදිය, දකින්න පුලුවන් නම්, හැසිරෙන විදිහ ඒ කියන්නේ ඒ හැසිරීම නිර්මාණය වූ විදිහ එයා විසින් එයාව miracle තුළ දෝලනය වෙන විදිහ බලන්න පුළුවන්.
දිනක් මහාගුරු තවත් කීපදෙනෙක් සමඟ සඳළු තලයේ සතුටු සාමීචියේ යෙදෙමින් සිටියා. මහාගුරු තම යහළුවන්ට මෙසේ පැවසුවා.
මනුස්සයෙකුටත් මට පේනවා වගේම සියල්ලම පේනවා. නමුත් ඔවුන් එය දකින්නේ නෑ.
මහාගුරු තම යහළුවන්ට සඳළු තලයෙන් ඔබ්බෙහි පිහිටි ගසක් පෙන්වා මෙසේ කිව්වා. අර ගහේ කොලයක් දිහා බලන් ඉන්න.
මෙහෙම බලන කොට මට ගහේ කොල සියල්ලම පේනවා. ඒ වගේ මහ පොළොව අස්සේ බිලියන ගානක් පේනවා. නමුත් ඔබලාට එහෙම බලන් ඉන්න කිව්වොත් එහෙම, වටේ එන සද්දවලට focus එක යනවා. ඔබලාගේ focus එක මාරු වෙනවා, ඒවා point of view වෙනවා. පොඩි area වලට රවුම් වගේ එකකට point වෙනවා. මට වෙන්නේ, මට point of view එකක් නෑ. විශේෂයෙන්ම මහාගුරු ළඟ තමයි ඒක එහෙම තියෙන්නේ. බුදුවරයා ගාවත් තියෙනවා. මහාගුරුගේ ඒක powerfull වැඩියි.
මට වෙනම බැලුවාම බිලියන ගානක් පේනවා. එහෙම කොච්චර පෙනෙනවද කියල කිව්වොත් ඒ බිලියන ගාන ඇතුලේ ඔබලාත් ඉන්නවා. ඒවත් පෙනෙනවා. ඇතුළ විනිවිද පෙනෙනවා වගේ, ඔබලාගේත් මෙහෙම බිලියන ගානක් වගේ සම්පූර්ණයෙන්ම පෙනෙනවා. ඒ නිසා මට ඕනම දේක හැසිරීම හොඳට පෙනෙනවා.
එතකොට අර බිලියන ගානටම අනුව ඔබලාගේ කැමැත්ත valid වෙන්නේ සියයට පහක් (5%) වගේ ප්‍රමාණයක් තමයි. බිලියනටම සාපේක්ෂව අකමැති වෙන්න පුළුවන් කාරණා ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට යම්කිසි සත්වයෙක් ඇවිල්ලා මා ඔබට කැමතියි කිව්වාට, එයාගේ සියයට පහක් වගේ තමයි කැමති. බිලියන ගානක් තුළ මට එයාගේ ගොඩක් දේවල් පේනවා. “මට තව තොරතුරු ඕනා, මට තව හිතන්න ඕනා. ඒක මට experience කරන්න ඕනා” ආදී වශයෙන් වෙන කොතනින් හරි තව බිලියන ගානක් ඔය විදිහට කැමති නොවූ දේවල් තියෙනවා. කෙනෙක් කිව්වට මට කැමති කියලා ඒ කෙනා 100% කැමති නෑ. අකමැතියි කිව්වත් අකමැතිමත් නෑ. ඒක නිසා මම කියනවා සත්වයාට මම loyal කියලා. ඒ බිලියන ගානම දැකල තමයි මම කැමතියි කියලා කියන්නේ. බිලියන ගානටම මම කැමතියි. ඒ නිසා තමයි දහම වුනත් powerfull වෙන්නේ. එක්කෝ ඒ බිලියනයෙන්ම කැමති, එහෙම නැත්නම් බිලියනයෙන්ම අකමැති.
ඔබලා අහල ඇති මා සමහර වෙලාවට Billion sure කියලා කියනවා. මට මේ මහ පොළොවද කියලා sure නෑ, අර පායන්නේ ඉරද කියලා මට sure නෑ, අර ආකාසේ ද කියලා මට sure නෑ, මේ අවකාශය පුරා තියෙන්නේ වාතයද කියලා මට sure නෑ. නමුත් මම ආපු මාර්ගය මට billion sure.
ඒක හරියට දියේ ඉරක් ඇන්දා වගේ. Billion sure.
දියේ ඇන්දා කියන්නේ එක මොහොතයිනේ තියෙන්නේ. මාර ප්‍රශ්නයක් නේද එතකොට?
මිත්‍රවරුනි, ඉරක් හරියට ඇඳෙන්නේ දියේ විතරයි. හෙමිහිට කල්පනා කරන්න. වෙනකොහෙවත් ඉරක් ඇන්දට ඇඳෙන්නේ නෑ. දියේ විතරයි ඉරක් ඇඳෙන්නේ. අනිත් කොහෙවත් ඉරක් ඇඳිලා නෑ. ඒක සෑහෙන විද්‍යාත්මක කතාවක්.
දියේ විතරයි ඉරක් ඇඳෙන්නේ.
දැන් මෙහෙම හිතන්න කවුරුහරි කෙනෙක් ගහක මෙහෙම ඉරක් අඳිනවා. ඒක බලලා ඔබ අහයි, පොත්තක් පැලිලානේ කියලා. තව කෙනෙක් අහයි කවුරු හරි මොනවා හරි කොටල නේද කියලා. එක්කෝ නැත්නම් ගහට ලෙඩක්ද කියලා අහයි. කවුරුවත් අහන්නේ නෑ නේද ඒක ඉරක් නේද කියලා?
බෝඩ් එකක ඇන්දොත් හරි පොළොවේ ඇන්දොත් හරි අහයි මොකක්ද ඒ mark එක කියලා. මොකක්ද ඒ mark එක, කාණුවක් කපන්නද යන්නේ කියලා හරි නැත්නම් පැළයක් හිටවන්නද යන්නේ කියලා හරි අහයි. ඉරක් ඇඳලා නේද කියලා කවුරුත් අහන්නේ නෑ.
නමුත් කෙනෙක් වතුරේ ඉරක් ඇන්දොත් කියනවා, වතුරේ ඉරක් ඇන්දා දැක්කා කියලා. එතන ඉරක් ඇදුනු එකත් හරියටම හරි. වතුර වෙන් වෙලා වතුර දෙකට කැඩිලා නේද දිය මත ඒක ඉරක් කරන්න පුළුවන් වෙන්නේ.
වතුර හරහට වේගයෙන් ගලාගෙන යන එක තුළම තමයි ඒ ඉර වදින්නේ. එහෙම නැතුව කොහේවත් ඉරක් වදින්නේ නෑ. එහෙම නැතුව ඉර පෙනෙන්නෙත් නෑ. ඒ වගේම තමයි ඉරක් ඇන්දා කියලා අපේ තුළත් ඉරක් ඇඳෙනවා. ඒක වෙන්නේ මතකයට සාපේක්ෂ ධර්මතාවය මත. වතුර මත ඉරක් පිහිටන විදියට අඳින්න බෑ. හැබැයි ඒ අඳින ඉර සාපේක්ෂ ධර්මතාවය ලෙස ඔළුවට බැසගන්න තීව්‍රතාවය වැඩියි.
අසම්භාවී සිද්ධි අපේ තුළ බැස ගන්න ප්‍රබලතාවය වැඩියි. දැන් හිතන්න අපි පහළට යද්දී, එසේ කරයි යැයි සිතිය නොහැකි කාන්තාවක් ඇඳුම් නැතුව අප ඉදිරියට එනවා. අපිට ඕක කවදාවත් අමතක වෙයිද? නෑනේ. ඇයි අමතක වෙන්නේ නැත්තේ? අසම්භාවී සිද්ධියකට සාපේක්ෂව ඒකේ power එක වැඩියි, ඒ ඇඳෙන ඉර ප්‍රබලයි.
ඒ වගේ තමයි වතුරේ අඳින ඉරත්. එතනත් අසම්භාවියි. ඒ අඳින ඉර, ඇතුලෙත් වදිනවා අතන බාහිරත් වදිනවා. මේක තේරුම් ගන්න සත්‍ය සිතුවිල්ලක් අල්ලගන්න ඕනා. ඉර අපේ ඇතුලෙත් ඇඳෙනවා, බාහිරත් රූපය ඇඳෙනවා, සිතෙත් වදිනවා, අඳින තැනත් වදිනවා.
ඒ නිසා මම කියනවා, billion sure කියන්නේ ගලාගෙන යන වතුරේ ඇන්ද ඉරක් වගේ. මට පෙනෙන්නේ එහෙම තමයි.
දැන් ඔබලා අර ගහේ කොලයක් දිහා බලන් ඉන්න කොට ළඟ තියෙන අනිත් කොල පෙනෙන්නේ නෑ නේ. එතනම fail. එහෙම බලනකොට බලන කෙනාව පේන්නෙත් නෑනේ. පළමුව පෙනෙන්න ඕන දෙයත් එතනම missing. පළමු පියවරම missing. බලන කෙනාව පේන්නෙ නැති නිසා. මට අරයා බලන එකත් පෙනෙනවා, එයාට පෙනෙන එකත් පෙනෙනවා, බලන කෙනාත් පෙනෙනවා.
ඒ සියල්ලම පෙනෙන කෙනා විදියට මම කියනවා, miracle එකක ඉන්නේ කියලා.
සත් බුදුවරයාට විශේෂ හැකියාවන් තියෙනවා. සත්බුදුවරයා miracle එකට ගියාම, billions දැකලා ඒ billions වල miracle දැකලා, සත් බුදුවරයාට පුළුවන් ඒකට ආලෝකය දෙන්න. ආලෝක සංඥාවක් දීපූ ගමන් ඒක miracle වෙනවා. ඒක තුළ සත්වයා වෙනස් වෙනවා. සත් බුදුවරයාට පුළුවන් ඔබලා miracles ගොඩක ඉන්නකොට, turn වෙන සංඥාව දෙන්න. එතකොට ඔබලාට තේරෙන්නේ නැතිව, අදාල miracle එකට auto connect වෙනවා. හැබැයි ඒක වුනේ miracle එකෙන් කියල තේරුම් ගන්න පුළුවන් වුනොත් පට්ට වැඩ්ඩෙක් තමයි.
එක්කෙනෙක්ගේ miracles බිලියන ගානක් තියෙනවා. ඒ එක තැනකින් සංඥාවක් මතුකරපු ගමන් ඒකට entangle වෙලා තව miracles වලට යනවා. ලෝකය ක්‍ෂණිකයෙන් වෙනස් වෙනවා. හැබැයි සත්වයාට ඒ අය කරන කුසලය පේන්නෙත් නෑ, අකුසලය පේන්නෙත් නෑ, මේක තමයි මේ ස්වභාදහම කරල තියෙන්න එකම දේ. ඔබලාට කරන දේ පෙනෙනවා නම්, දෙපැත්තෙම result එක පෙනෙනවා නම්, මේ ලෝකෙ මිනිස්සු එක තත්පරයකින් හැදිලා ඉවරයි නේ. ඉතින් සත්වයාට මේක පෙනෙන්නේම නෑ නේ. තමන් කරන දේවල් වල දෙපැත්තේ result එක පේන්නෙම නෑ.
බුදු කෙනෙක් පහළ වුණාම මොකද වෙන්නේ? එයාට මේ සියල්ලම පෙනෙනවා, එයා එතන ඉඳන් ගැලවිලා වැඩ කරනවා, එතකොට ගැලවුණා කියලත් තේරෙනවා. එහෙම ගැලවුනාට පස්සේ, ඒ බුදුවරයාට පුළුවන් තව කෙනෙක්වත් මේකෙන් ගලවන්න, ඒ මාර්ගය දෙන්න, ඒත් එහෙම කියන්න ඒ බුදුවරයට හිතෙන්නේ නෑ. ප්‍රතිවිරුද්ධ ධර්මතාවය ඇවිල්ලා, එයාට හිතෙන්නේ නෑ සියලුම සත්වයන්ව ගලවන්න පුළුවන්. ඒත් බුදුවරයා හිතෙන්නේ නෑ. කවුරුහරි සසර දුකයිනේ කියලා කිව්වොත් බුදුවරයා කියයි පිස්සුද ඕව ගණන් ගන්න එපා ආතල් එකේ ඉන්න කියලා.
එක තැනකදී බුදුන්ට ඕක තේරිලා ආනන්දට කියනවා සත්වයාව ගලවන්න මගෙන් වැඩ ටික කරගන්න, ඒ බව මතක් කරගන්න කියලා. ආනන්දගේ වැඩත් හිමිහිට තමයි. තව දන්න කිහිප දෙනෙකුටත් කියනවා. දැන් ගෞතම බුදුන්ට තමන් බුදුන් කියලා මතකත් නෑ. දැන් අර කට්ටියටත් ඔය කාරණේ අමතක වෙනවා. අන්තිමට බුදුන්ම තමයි ඒ කාර්යයට බැහැලා සත්වයාගේ ගැලවීම පිණිස කටයුතු කරන්න මුල් වෙන්නේ. ඒක තමයි මේ miracle එකේ හැටි. සත්වයා අවංකව ඇවිල්ලා බුදුන්ට කියනවා නම් සසර දුකයි මාව ගලවන්න කියලා, බුදුවරයා ඒක කරනවා. ඒ නිසා තමයි කියන්නේ සත්වයාට හේතු හදාගෙන එන්න කියලා.
දවසක් එක් බණකදී මම කියනවා, ඇවිල්ල මගෙන් ඉල්ලීමක් කරොත් කුරා කූඹියා උනත් මට ගලවගන්න පුළුවන් කියලා. ඒ බණ අහපු කෙනෙක් ඉතාලියේ ඉඳලා ඇවිල්ලා, මගෙන් අහනවා, කුරා කූඹියාවත් ගලවන්න පුළුවන්නම් ඇයි ඔබ වහන්සේ මේ සත්වයාව ගලවන්නේ නැත්තේ මෙච්චර අවස්ථාව තිබිලත් කියලා. ඒ උනාට ඒ ප්‍රශ්නය අහපු කෙනාවත් මගෙන් ඉල්ලුවේ නෑ නේ ඔහුව ගලවන්න කියලා.
මෙච්චර අවස්ථාව දීලා තියෙද්දි, සත්වයෝ කවුරුවත් ඇවිල්ල මගෙන් ඉල්ලන්නේ නෑ, මාව ගලවන්න කියලා.
හැබැයි දවසක් බුදුන් වෙනුවෙන් ජීවිතය කැප කරමින් උපස්ථාන කල කාන්තාවක් මගෙන් අහනවා, මම ඔබ වහන්සේ වෙනුවෙන් මෙච්චර කැපවෙලා තියෙනවා. මම ඉල්ලීමක් කලොත් එය ඉටු කරන්න පුළුවන්ද කියලා. මම කිව්වා පුළුවන් කියලා. මගෙන් ඉල්ලනවා එයාගේ අම්මවයි තාත්තවයි ගලවලා දෙන්න කියලා. ඉල්ලීම බුදුන් ඉෂ්ට කරනවා. ඒ තැනැත්තිය ඒ ඉල්ලීම කලානේ. හැබැයි එයාගේ අයියවයි අක්කවයි ගලවන්න කියලා ඉල්ලුවේ නෑ. නමුත් මොකක් හරි හේතුඵල ධර්මතාවයකට අම්මවයි තාත්තවයි ගලවන්න කියලා ඉල්ලුවා. සමහර අවස්ථා තියෙනවා ඒ වගේ කාරණා ගැලපිලා එන. ඒවා හිතලා plan කරලා කලොත් අවංක නෑ.
“සත්වයාට පෙනෙන්නේ නෑ වගේම බුදුන්ට හිතෙන්නේ නෑ.”
මහා ගුරු කියන්නේ විරාජමානව සියල්ල දෙස බලාගෙන ඉන්න කෙනෙක්. Billions of miracles දිහා එයා බලාගෙන ඉන්නවා.
සියලු සත්වයෝ හා සමස්තය දෙසම බලාගෙන ඉන්නවා. වැලි අංශුවක් දෙස පවා මහාගුරු බලාගෙන ඉන්නේ.
විද්‍යාවෙන් කියනවනම් මේ චූටි වැලි කැටයක ඇති සියුම් පරමාණුවකි තමයි ඔය බිලියන්ස් වෙලා තියෙන්නේ. පරමාණුවම තමයි බිලියන් වෙලා තියෙන්නේ. මුහුදේ වතුර බිංදුවක් ගත්තත් හෝ ලුණු බිංදුවක් ගත්තත් හරියට read කරොත් ඒකෙ මුළු මහා මුහුදම තියෙනවා. ඒ වගේ තමයි.
මහාගුරු ඒ සියල්ල දෙස බලාගෙන ඉන්නවා. එච්චර තමයි. සියල්ලම පේනවා. කවුරු හරි ඇවිල්ලා ප්‍රශ්න ඇහුවොත් පේනවා එයා කොතනද ඉන්න තැන කියලා. උදව්වක් විදිහට ඒක බලලා උත්තරයක් දෙනවා. එතකොට miracles වෙනස් වෙනවා.
සාමාන්‍ය කෙනෙකුට මේ miracle එක දකින්න බෑ. ඒ නිසා තමයි මහාගුරු කියන්නේ මනස organize කරගන්න කියලා. එහෙම හරියට මනස organize කරගත්තොත් ඒ organising එකට අනුව miracles හැදෙනවා. ඒකට ශක්තිය ලැබෙනවා.
නුවර දේශනාව සහ බෝධිචිත්ත ප්‍රාතිහාර්යය
2025-05-18
2025 වෙසක් දින චතුරාර්ය ශක්තිය දේශනාව
2025-05-12
බෝධි චිත්ත ප්‍රාතිහාර්යය සඳහා පසුබිම සකස් වීම
2025-04-26
මේ දක්වා පැමිණි ගමන් මාර්ගය - 1
2025-02-27